ᴄʜᴀᴘᴛᴇʀ 𝟹𝟸 🥀

1.2K 188 110
                                    

" අප්පා තාමාත් ජීවත් වෙනවා !!! "

මීට තප්පරේකට කලින් ටේහියුන්ගේ කටින් පිට උන වචන කිහිපය අදහ ගන්න බැරි උන ජිමින්ගේ ඇස් දෙක පුදුමෙන් විශාල උනා....

තවත් මොහොතකට පස්සේ ඒ ලොකු වෙච්ච ඇස් වලට හෙමීන් කඳුලු පටල එකතු වෙද්දි ජිමින් තමන්ගේ එහා පැත්තේ හිටිය ටේහියුන්ගේ කොලර් එකෙන් ඇදලා ගත්තා...

" කියපන්...එයා කොහෙද ? අනේ ටේහියුන්ගී කියපන්කෝ මගේ අප්පා කොහෙද ? "

වැඩි වේලාවක් නොගෙනම ජිමින්ගේ ඇස් දෙකෙන් කඳුලු බිංඳු කිහිපයක් හරි වේගෙන් පහට පල්ලම් බැස්සා...ඒත් ජිමින් හිටියේ යම්කිසි වේදනාවකින්වත් දුකින්වත් නෙමෙයි...ඒක ඔප්පු කරන්නම ජිමින්ගේ තොල් මත ලස්සන හිනාවක් ඇදිලා තිබුනා...ජිමින්ගේ ඇස් උණු කඳුලු වැල් බිමට වැට්ටෙව්වාත් ජිමින්ගේ සිනහාව එයා ඇත්තෙන්ම සතුටෙන් බවට ඉඟි කරා...

ටේහියුන්ග් තමන්ගේ කොලර් එක අල්ලන් සතුටටම කඳුලු වගුරවන ජිමින්ගේ ඔලුව පිටිපස්සෙන් අල්ලන් එහෙමම තමන්ගේ උරහිස උඩට ජිමින්ව ඇද ගත්තා...

" එයා ඉන්නවා ජිමිනී....මගේ ජිමිනීගේ අප්පා ඉන්නවා..."

" අනේ මාව ඉක්මනට එතනට ගෙනියපන් බං...මට අප්පාව බලන්න ඕන..."

" අපි අනිවාර්යයෙන්ම එහෙට යනවා...අපි දෙන්නා විතරක් නෙමෙයි...යුන්ගිත් යනවා....එයා බලන් ඉන්නේ මගේත් එක්ක ඔය දෙන්නාම එනකන්..."

ටේහියුන්ග් තමන්ගේ උරහිස උඩ ඔලුව තියන් හිටිය ජිමින්ගේ තෙත කම්මුල් ටීශර්ට් එකේ යට කොටසින් පිහිදලා දැම්මාත් ජිමින්ටත් තව දුරටත් අඬන්න උවමනාවක් නොතිබ්බා...

ටේහියුන්ගේ කටින් මෙච්චර වෙලා තමන්ට අමතක වෙච්ච යුන්ගිගේ නම කියවෙද්දි මේ වෙනකොටත් මිස්ටර් පාර්ක් කිව්ව අතීත කතාව සම්පූර්ණයෙන්ම දැනගෙන හිටිය ජිමින්ට යුන්ගි තමන්ගේ යාලුවාට කරපූ වින්නැහිය ගැන නැවතත් මතක් වෙන්න ගත්තා...

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now