ᴄʜᴀᴘᴛᴇʀ 𝟷𝟽 🥀

1.1K 226 225
                                    

Flashback ~

10 years ago ~

.
.

ඒක එක යුනිවර්සිටි එකක්...

වෙනදා වගේම කොරිඩෝව පුරා රැව් දුන්නේ තැන තැන රැස් වෙලා හිටිය ලමයින්ගේ කට හඬවලුයි...

නමුත් ඒ හඬවල් පරදා එකපාරම කොරිඩෝ එකේ කෙලවරක හිටිය කොල්ලෙක් නමක් කියමින් මහ සද්දෙන් කෑගැහුව්වා....

" ජන්කුක්.....!!!!! "

එහෙම කෑගැහුව්ව පිරිමි ලමයා තමන්ව පන්නගෙන එන තවත් පිරිමි ලමෙක්ව දැක්ක හැටියේ මොහොතකට නතර කරලා තිබ්බ තමන්ගේ දිවිල්ල ආයේත් ආරම්භ කරා...

ඒ කොල්ලාගේ අතේ සුදු පාට කඩදාසියක් තිබුනා...ඒ කඩදාසිය ඇතුලේ තවත් මොනාම හරි දෙයක් ලස්සන අත් අකුරකින් ලියලා තිබුනා...

" ඕයි සූබීන් ඕක දීපන් බං..."

පිටිපස්සේ ඉදන් දුවගෙන ආපූ ලමයා ඒ විදිහට කෑගැහුව්වාත් කඩදාසිය අල්ලගෙන හිටිය කොල්ලා දිගටම කොරිඩෝව දිගේ දිව්වේ ඒ මැද්දේ හිටගෙන තවත් කොල්ලො රංචුවක් එක්ක කඳේ දාගෙන ඉන්න කොල්ලෙක් ලඟට....

" ජන්කුකා ජන්කුකා..."

" ඕක දීපන් සුබීන්...මං ආයේ උබට කියන්නේ නැහැ..."

කඩදාසිය අතේ තිබ්බ කොල්ලා තමන් දුවගෙන ආව වේගේ පාලනය කර ගන්න බැරුව තමන් මෙච්චර වෙලා හොය හොයා හිටිය පිරිමි ලමයාගේ ඇඟේ ගිහින් වේගෙන් වැදුනා...

" මොකද බං ? "

යාලුවොත් එක්ක කඳේ දාගෙන හිටිය ඒ පිරිමියා නැති නම් ජන්කුක් තමන්ගේ පිටේ ඇවිත් වැදුන සූබීන් දිහාවට හැරිලා එහෙම අහද්දි කට කොනට හිනා උන සූබීන් ජන්කුක්ට අතේ තිබ්බ කඩදාසිය දික් කරේ තවත් පැත්තකින් ඊට පිටිපස්සෙන් දුවගෙන ආව කොල්ලා සද්දෙන් බෙරිහන් දෙද්දි...

" යුන්ගි මිශිකාට ලියුමක් ලියලා..."

" ඕයි ඕයි ඕක ජන්කුක්ට දෙන්න එපා...ඕයි...!!!"

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now