ᴄʜᴀᴘᴛᴇʀ 𝟷𝟹 🥀

1K 244 151
                                    

"ප්ලීස් ටේ , එයාට යන්න දීපන්..."

කාමරේ ජනේලෙන් එලිය බලාගෙන සිගරට් එකක් තොල් අතර දවටමින් හිටිය ටේහියුන්ග්ගේ පිටිපස්සේ ඉදන් ජිමින් මේ බෑගැපත් උනේ තුන් වෙනි වතාව...

" උබට පුදුම කැක්කුමක් නේ ගැන තියෙන්නේ"

" ටේ , උබට ප්‍රශ්නේ තියෙන්නේ ජෙකේ එක්ක නම් උබ ඒක ඌත් එක්ක විසඳ ගනින්...යුන්ගීව අත ඇරපන්..."

" ජිමින්...අමතක කරන්න එපා යුන්ගි කියන්නේත් ජෙකේගේ ගෝලයෙක් බව..."

" යුන්ගී පිලිපැද්දේ ජෙකේගේ අණ... ඇරෙන්න උබට යුන්ගි එක්ක තරහා පිරිමහන්න කිසිම හේතුවක් නැහැ ටේහියුන්ග්..."

ජිමින් ටිකක් සද්දෙන් එහෙම කෑගහලා අත් දෙක බැදගෙන අහක බලා ගනිද්දි අතේ තිබ්බ සිගරට් එක ඇශ් ට්‍රේ එක උඩට විසි කරපූ ටේහියුන්ග් ජිමින් දිහාවට හැරුනා...

" උබ හිතනවා උන්ට අපිව මේ විදිහට අහු උනා නම් උන් අපිව උබ ඔය කියන විදිහට අතාරි කියලා ? "

" ටේ මට අනිත් උන්ගේ කෙහෙල්මල් වැඩක් නැහැ...මොකා කොයි විදිහේ එකෙක් උනාත් අපි උන්ට පණ නැති වෙනකන් ගහන්නේ උන්ගේ අතේ ආරක්ශාවට කියලා පිහි තුඩක්වත් නැතුව ඉද්දි..."

" ඉතිං ? "

" ඉතිං මං කියන්නේ මේ පොන්න වැඩේ නවත්තපන් කියලා...!!! "

" ජිමින්..ජිමින්...ජිමින්...මං දන්නවා උබ මට ඔහොම සද්දේ වැඩිකරලා කතා කරන්නේ ඔතන උබේ ක්‍රශ් එක ඉන්න නිසා කියලා...නමුත් උබේ ක්‍රශ් එක මගේ හතුරෙක් නම් , මට උබ දකින කෝණෙන්ම බලන්න බැහැ ජිමිනා..."

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now