ᴄʜᴀᴘᴛᴇʀ 𝟷𝟺 🥀

1.1K 252 397
                                    

ටේහියුන්ග් විශාල කාමරයක බිත්තිය ලඟට හේත්තු කරපූ ආම්චෙයා එකක් උඩ ඉදගෙන හිටියා...ඒ ඇඟිලි අතර නව කතා පොතක් හිර වෙලා තිබ්බා....

ටේහියුන්ගේ ඉස්සරහාම දෙදෙනෙකුට සරිලන පරිදි ඉඩකඩ තිබ්බ විශාල ඇඳක් තිබුනා....ඒ මත ඇලවිලා හිටිය ජන්කුක්ට තවමත් සිහිය නොතිබ්බා....

ජන්කුක්ගේ එහා පැත්තේ හිටිය මේඩ් කාමරේට එද්දි අරගෙන ආව වතුර භාජනේ ඇතුලෙන් තෙත රෙදි කෑල්ලක් අරන් ජන්කුක්ව තවන විදිහ දිහා ටේහියුන්ග් නවකතාව කියවන ගමන්ම දාගෙන හිටිය කණ්නාඩියට උඩින් බැලුවා....

සම්පුර්ණ ඇඟම තෙත මාත්තු කරමින් ඒ ඇඟ මතම වේලිලා තිබ්බ ලේ පැල්ලම් පිහිදලා දැම්ම මේඩ් ඊට ටිකකින් තමන්ගේ ඇඟිලි දෙකක් ජන්කුක් ඇඳගෙන හිටිය බොක්සර් එකේ වේස්ට් බෑන්ඩ් එකට හිර කර ගත්තා....

" එයි එයි...!!! ඔය මොකද කරන්නේ ? "

මේඩ් ජන්කුක්ගේ ඉණෙන් මදක් පහලට එනකන් වේස්ට් බෑන්ඩ් එක අදිද්දි නිහඬවම මේඩ් කරන හැමදේම දිහා බලාගෙන හිටිය ටේහියුන්ග් මේඩ්ට සද්දෙන් කෑගහන ගමන්ම කකුලක් උඩ තිබ්බ අනිත් කකුලත් බිමින් තියමින් ඉදගෙන හිටිය පුටුව උඩින් නැඟිට්ටා....

" ස්..සර් කිම් මං හැදුවේ ඇඳුම් මාරු කරවන්න..."

මේඩ් එහෙම කියන අතරේ ඇඟිලි තුඩු අතර හිර වෙලා තිබ්බ නවකතා පොත පුටුව උඩට විසි කරපු ටේහියුන්ග් තමන්ගේ ග්ලාසස් දෙක ගලවන ගමන් මේඩ් ලඟට කිට්ටු උනා....

" තමුන් එළියට වෙලා ඉන්නවා...මං ඒක කරලා අඬ ගහන්නම්..."

" එත් සර්-"

" මං දැන් තමුසේට මොකක්ද කිව්වේ...යනවා එලියට..!!! "

ටේහියුන්ග් තමන්ගේ තියුණු ඇස් එක්ක හඬ රලු කරලා කතා කරද්දි ගැස්සිලා ගියපූ මේඩ් අතේ තිබ්බ පොඩි ටවල් එක වතුර බේසමට අතාරින ගමන් ටේහියුන්ග්ට ආචාර කරලා ඊලඟ තප්පරේ කාමරෙන් එළියට දිව්වා...

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now