ᴄʜᴀᴘᴛᴇʀ 𝟸𝟷 🥀

1.4K 250 179
                                    

ටේහියුන්ග් වෙනදා පුරුද්දටම අවදි උනා...

කාමරේ පුරා දසත විහිදුන රතු පාට බල්බ වල ආලෝකය ඇරුනාම ඒ කාමරේට කොහෙන්වත් ඉර එලියක් නොවැටුනා....

ටේහියුන්ග්ට ඇඟ උඩින් බරක් දැනුනා....

ඒ ජන්කුක්...

පාන්දර නින්දට වැටුන ජන්කුක් තවමත් ඒ විදිහටම නිදි....

ඒ ගෙරවුම් හඬ අහගෙන ටේහියුන්ග් ජන්කුක්ව අත් දෙකෙන්ම බදා ගන්න ගමන් එයාත් එක්කම හෙමීට ඇඳේ පැත්තකට පෙරලුනා....

ජන්කුක් නම් දැන්ම ඇහැරෙන්නේ නැහැ...

ඒ බව තේරුම් ගත්ත ටේහියුන්ග් ජන්කුක්ගේ බෙල්ල ලඟටම ඩුවට් එක පෙරවලා ඒ නලල සිප ගන්න ගමන්ම ජන්කුක්ට නොදැනෙන්න ඇඳෙන් නැඟිට්ටා....

බිම වැටිලා තිබ්බ රොබ් එක ඇඳගෙන ඒ කාමරේ බැල්කනියට යන්න තිබ්බ දොර ඇරිය ටේහියුන්ග් කාමරේට හොඳින් ඉර එලිය වැටෙන්න දීලා එහෙමම කාමරේට ඇතුල් වෙන්න තියෙන දොර විවෘත කරා....

ටේහියුන්ග්ට ඕන උනේ උදේ කෑම එක අද තමන්ගේ අතින්ම හදන්න...

ඉතිං ටේහියුන්ග් තවමත් නිරුවතින් ඉන්න ජන්කුක්ව කාටත් නොපෙනෙන්න ඒ කාමරේ දොර එලියෙන් වහලා දාලා කොරිඩෝ එක දිගේ පඩිපෙල බලා ගියා.....

" ටේහියුන්ග් !! "

පඩිපෙල නැගගෙන ආව යුන්ගි ටේහියුන්ග්ගේ නම කෑගහලා කේන්තියෙන්ම ටේහියුන්ග් දිහාවට අඩි තිබ්බා....

යුන්ගි හිටියේ ඇත්තටම තරහෙන්...කලින් රාත්‍රියේ ජන්කුක් මැන්ශන් එක ඇතුලට දුවගෙන ආව බව විතරක් දැක්ක යුන්ගිට එතනින් පස්සේ ජන්කුක්ව හොයා ගන්න බැරි උනා....

පැය කිහිපයක්ම යුන්ගි ජන්කුක්ව හොයන සිතුවිල්ලෙන් කාමර කිහිපයක්ම චෙක් කරලා අවසානේ ලයිබ්‍රි එකට ගිහිල්ලාත් බලාගෙන හිටියේ ජන්කුක් කොයි වේලාවේ හරි ඉන්න තැනක ඉදන් ලයිබ්‍රි එකට එයි කියලා හිතලා....

නමුත් ජන්කුක් එන එක කෙසේ වෙතත් යුන්ගිට කවුච් එක උඩම නින්ද ගියේ අතුරුදහන් උන ජිමින්ව හොයලා ඒ ඇඟට දැනුන මහන්සි ගතියට....

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now