CHAPTER 04

485 124 7
                                    


" එයාගෙන් අහකට වෙනවා "

Jungkookගේ ගෙදර ඉස්සරහ හිටගෙන jungkook ව සිපගනිමින් හිටිය කෙල්ලගේ අතින් අල්ලගත්ත taehyung එයාව පැත්තකට ඇදලා දැම්මා. විසිවෙලා ගිය කෙල්ලගේ වලලුකර හරියෙන් කකුල පෙරලුනා. එයා එහෙමම මල් පාත්තියක් උඩට ඇදගෙන වැටෙද්දී taehyung ට ඇහුනේ jungkook කෑ ගහනවා.

" මොකක්ද තමුසේ ඒ කරේ ! "

Taehyung ට කෑ ගැහුව jungkook දුවගෙන ගිහින් අර කෙල්ලව හරහට උස්සගත්තා. Taehyung ව තඹේකට මායිම් නොකර ගේ ඇතුලට ගිය jungkook ටික වෙලාවකින් එළියට ආවා.

" මොකක්ද තමුසේ ඒ කරේ ? "

" එයා කිස් කරේ මගේ බෝයිෆ්‍රෙන්ඩ් ව ! ඒ ගෑණි කොහො- "

Jungkook Taehyungගේ කට දෙපැත්තෙන් මිරිකලා අල්ලගත්තා. Taehyungගේ ඇස් වල කදුලු පිරිලා.

" එයාට ගරු කරලා කතා කරනවා.."

" Jungkook ඇ..ඇයි..? "

" nuwi මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ! Nuwi මාත් එක්ක මෙහෙ නවතිනවා. ඒ හින්දා ඔහේට ආයෙත් පරණ තැනටම යන්න පුලුවන්.."

" j-jungkook ! "

" lets brakeup taehyung. මෙන්න ඔයාගේ ඇදුම් මල්ල "

විනිවිද පේන ලොකු ශොපින් බෑග් එකකට taehyung එනකොට අරගෙන ආව ඇදුම් ටිකයි එයාගේ හම ගිය සෙරෙප්පු කෑලි දෙකයි දැම්ම jungkook ඒක taehyung ට දුන්නා..

තමන්ගේ මූනටම වැහුනු දොර ඉස්සරහ හිටගෙන හිටිය taehyung ඇසිපිය නොහෙලා ඒ වැහුනු දොරදිහා බලාගෙන හිටියා..

එයාගේ ආත්මය බිදිලා ගියා..















To be continued ..
______________________________________________________

PURE LOVE || TK ✔Where stories live. Discover now