CHAPTER 10

482 113 4
                                    


" මොකක්ද ඒ කතාව ! Nuwi ! Jeon Nuwi ව මරල දාලද ! "

වීදියේ කාන්තාවන් කතා කරන දේ ඇහුනු , මිනිස්සුන්ගේ ඇගේ හැපි හැගි ඇවිදගෙන ගිය තරුණයා හයියෙන් හිනාවෙන්න ගත්තා.

" ඒ විතරක් නෙවේ Woon කියලා මිනිහෙක්වත් මරල දාලලු. ඒත් ඒ මනුස්සයා එහෙම ලොකු සල්ලිකාරයෙක් නෙවෙයි..දෙයියො තමා දන්නේ මේ මිනිස්සු මිනී මරන්නේ මොන අරමුනකින්ද කියලා "

හිනාවෙන තරුණයා දිහා මූ පිස්සෙක් වගේ බැල්මකින් බැලුව ගෑනු කෙනා ආයෙත් ඕප දූප මල්ල දිගාරින්න ගත්තා.

වීදියේ කොල හයියෙන් එහා මෙහා ගියේ  හුලන් පාර එන්න එන්න සැර වෙලා.
යාන්තමින් වැහි බිංදු වැටෙන්න පටන් ගත්තේ අදුර වලාකුලු නිසා හැන්දෑවේ තිබුනු මද එළිය තවත් අඩු කරලා දාලා.

තරුණයා ගමන් කරේ සුසාන භූමිය පැත්තට. සොහොන් කොතක් උඩ හිටිය කලු බළලෙක් තරුණයා දිහාබලලා හයියෙන් ලතෝනි දුන්නා. මන් තීරුවේ කෙලවරේ තිබුනු වීනස් ප්‍රතිමාව ඉස්සරහ නතරවුනු තරුණයා ඒ දිහා බලන් හිටියේ එකම එක ඇහි පිල්ලමක් වත් ගහන්නේ නැතුව.

මොරසූරන වැස්ස මැදම සොහොන් අතරින් ඇවිදගෙන ගිය තරුණයා එක් සොහොන් කොතක් ඉස්සරහ නතර වුනා.

" Jungkookie ~ "

Taehyungගේ මූන දිගේ පහළට බේරුනේ වැහි වතුර විතරක්ම නෙවේ.
පලකය පුරා හාදු තිව්ව Taehyung පැත්තකින් තිබුනු සවලක් අතට ගත්තා.

වැස්ස නිසා පස බුරුල් වෙලා නිසා කිසිම අපහසුවක් නැතුව සවලට හසුවූ පස් ගොඩක් ආකාරයෙන් පැත්තකට එකතු වුනා. Jungkookගේ සොහොන ලගින් තමන් හාරපු වල දිහා taehyung හිනාවෙලා බලාගෙන හිටියා. වැහි වතුර පිරිලා නිසා වලේ පතුලක් එයාට පෙනුනේ නෑ.

මෙච්චර වෙලා සාක්කුවේ තිබුනු පිස්තෝලය අතට ගත්ත taehyung ඒක jungkookගේ සොහොන පැත්තට දික් කරා.

" මම එයාලව මැරුවා. මම පළිගත්තා. ඔයාට සතුටුයිද jungkookie ~ "

ඒ සුන්දර අතීතය මතක් වුනු taehyung එකවරම හයියෙන් අඩන්න ගත්තේ වල ඉස්සරහ පොළව මතට ඇද වැටෙන ගමන්. වැස්ස කොච්චර සැරද කියනවනම් taehyung හාරපු වල උතුරලා වතුර පොළව දිගේ ගලාගෙන ගියා.

පිස්තෝලය අතට ගත්ත taehyung ඒක තමන්ගේ හිසට තියාගත්තා. හිනාවෙලා තව එක පාරක් jungkookගේ සොහොන දිහා බැලුව එයා පොළවෙන් නැගිට්ටා.

" මම ඔයාට ගොඩක් ආදරෙයි Jungkook ! මට බෑ ඔයාව තනි කරන්න. "

සොහොන් භූමිය පුරා වෙඩි හඩක් පැතිරිලා ගියා.

ජබොක් !

Taehyungගේ පණ නැති ඇග වතුර පිරුණු වළට ඇදගෙන වැටුනා..

ඔහු මිහිදන් වුනා ඔහුව රවට්ටපු, ඔහුව අතහැරිය, ඔහුගේ එකම ආදරය අසලින්ම..


















To be continued..
_______________________________________________________

Last Chap එකෙන් එන්නම්..
පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම් ඒකෙන්..

විකාරයක්ද මන්දා ඉතින්..
කොටම කොටම කොටම චැපි ටිකක්..
🙂🙂🙂🙂🙂

පැය භාගෙන් ලිව්වේ මේ කතාවම..
හෙහෙ..

මොනාහරි කියාගෙන යන්න.


: Kim Fay
22/10/03

PURE LOVE || TK ✔Where stories live. Discover now