CHAPTER 08

451 116 1
                                    


" Nuwi ~ "

Jungkook හදිසියේ ගෙදර ආවේ අමතක වෙලා ගිය ෆයිල් එකක් අරගෙන යන්න.
එයා nuwi ට කියල තිබුනේ එයා සතියකට බිස්නස් වැඩකට සෝල් වලින් එළියට යනව කියලා.

සෝෆා එකේ තියෙන පිරිමි ජැකට් එක දැක්ක jungkookගේ ඇස් උඩ ගියා.

" එඩ්වඩ් ~ එඩ්වඩ් ~ ජෙසිකා ~ "

Jungkook කතා කරේ ගෙදර වැඩට හිටිය ගෑනු කෙනාටයි මුරකාරයටයි. ඒත් කිසිම උත්තරයක් නෑ.

එකවරම ඇහුනු හඩක් නිසා jungkook හෙමිහිට උඩට ගියා. නිදන කාමරයේ දොර හිමිහිට ඇරිය jungkookගේ ඇස් උඩ ගියා..

" උඹ !! "

යක්ෂාවේශ වෙලා වගේ jungkook කඩන් පැන්නේ woon ගේ ඇගට. ඇද උඩ තිබුනු රෙද්ද ඇගේ පටල ගත්ත nuwi ඉක්මනින් ඇදෙන් බැස්සා.

ජැකට් එකත් ගලවල දාලා woon ගේ ඇගට පැන්න jungkook එයාගේ මූනට එක දිගට පාර එල්ල කරා.

Jungkook හිතුවා එයාගේ වයිෆ්ට කරදරයක් කියලා.

ඩිග් !

එකපාරටම බරැති දෙයකින් ඔලුවට වැදුනු පාරක් නිසා  jungkook බිමට ඇදගෙන වැටුනා. වූන් ව නැගිට්ටවන nuwi දිහා jungkook බලන් හිටියේ වේදනාවෙන්.

" Nuwi ~ "

" how dare you ! උඹ කොහොමද මන් ආදරය කරන කෙනාට රිද්දන්නේ ? "

පිස්තෝලයක් jungkookට දික් කරගෙන හිටිය Nuwi කෑ ගැහුවා. වැටිල හිටිය තැනින් නැගිට්ට වූන් Nuwi ලගට ආවා.

" එයාව ඉවරයක් කරන්න "

Woon , Nuwi දෙන්නම පිස්තෝලෙ හයියෙන් අල්ලගෙන හිටියා. Jungkook ඇස් දෙක පියාගත්තා. ලාවට හිනාවෙලා හිටිය එයාට කෙනෙක්ව මතක් වුනා. ඒත් එක්කම..

Bang !

Jungkookගේ පණ රතිත සිරුර කකුල් එහාට මෙහාට පෙරලපු වූන් nuwi දිහා බැලුවා..

" ඔක්කොම සාක්ෂි නැති කරන්න. ඔයා ටික දවසකට ඈතකට යන්න.."

වෙඩි උන්ඩය ගිහින් තියෙන්නේ jungkookගේ හදවත පසාරු කරගෙන.














To be continued..
______________________________________________________

PURE LOVE || TK ✔Where stories live. Discover now