❤️ 06 ❤️

599 93 17
                                    

අප්පා ඉක්මනට ඒවට අත්සන් කරා... ඒ වෙලාවෙ මං දැක්කා අප්පගෙ අත් වෙව්ලනවා... අප්පා ඒ අත්සන් කරපු කොළ ටිකමනුස්සයට දුන්නම ඒ මනුස්සයා ඒ කොළ ටික අතට අරන් හයියෙන් හිනා වුණා ඊට පස්සෙ විනාඩියක්වත් යන්න කලින් ඒ මනුස්සයා ඒ මනුස්සයගෙ අතේ තිබ්බ ගන් එකෙන් අප්පට වෙඩි තිබ්බා... අප්පා එතනම පපුවත් අල්ලගෙන වැටෙනකොට ඔම්මා හයියෙන් කෑ ගැහුවා ඒත් එක්කම ඒ මනුස්සයා ඔම්මගෙ පැත්තට හැරිලා මගෙ ඔම්මටත් වෙඩි තිබ්බා... මේ හැමදෙයක්ම වුණේ මගෙ ඇස් ඉස්සරහා ටේ...

.
.

මට ඒක නවත්තන්න පුළුවන් කමක් තිබ්බෙ නෑ මම මගෙ අත් දෙකෙන් කට වහගෙන බිමට වැටිලා අඩන්න ගත්තා... එතකොටම අර මිනිහා එතනට හිටපු අනිත් උන්ට කිව්වා ඇතුළට ගිහින් කොල්ලව හොයපන් කියලා ඒක ඇහුන ගමන් මම දුවගෙන ගිහින් library එක පිටිපස්සෙ තියන අපේ රහස් කාමරේ හැංගුණා...
.
.
මම ඒ කාමරේ පැය හතරක් විතර ඉන්න ඇති ඊට පස්සෙ මන් ඒකෙන් එළියට ආවෙ උන් යන්න ඇති කියලා හිතලා මම පහළට යනකොට මගෙ ඔම්මයි , අප්පයි ලේ විලක් මැද වැටිලා හිටියා... මම එතනට ගිහින් කෑ ගහලා ඇඩුවා ගොඩක් හයියෙන් මන් කෑ ගැහුවා මම එදාමයි හිතා ගත්තෙ මගෙ ඔම්මයි , අප්පයි මරපු උන් ඔක්කොගෙන්ම මන් පළි ගන්නවමයි කියලා... ඊට පස්සෙ මන් underworld එකට බැදෙනකොට මට වයස 18 යි , මන් ඒකට බැදුනෙ JJK නමින් , ඒ වගේම මන් පාතාලෙට සම්බන්ධ වුණේ මගෙ ඔම්මගෙයි අප්පගෙයි මරණෙ පලිය ගන්න...
.
.

එදා එතන හය දෙනෙක් හිටියා ටේහියුන් උන්ගෙන් තුන් දෙනෙක් දැනටමත් ඉවරයි දැන් තමයි අමාරුම තුන් දෙනා ඉන්නෙ මන් කොහොම හරි උන් තුන් දෙනාවත් ඉවරයක් කරනවා...
.
.
" එතකොට කුකී කවුද මේ අපරාදෙ කළේ..."
.
.

Gᥣoᥕιng Eყᥱs 🔞‼️ [ᵀᵃᵉᵏᵒᵒᵏ ]Where stories live. Discover now