නුඹ දන්නෙ නෑ තවම

55 7 1
                                    



නෙත් ලැබුනු දා පටන් දුටුවේම  නුබේ රුව
නිහඬ නුඹෙ වත නිතර ඇවිලුවා මා ගතම
නිවුනු ඒ ඇස් අතර නතර වුනි මගේ හද
සිත්තරෝ ඒ වගක් නුඹ දන්නෙ නෑ තවම

හෙමින් හෙමින් සංවරව පාට ගෙන තවරමින්
තෙලි තුඩග පහරකින් ගතම හිරි වට්ටමින්
දිනෙන් දින ටිකෙන් ටික මගේ රුව නංවමින්
නුඹේ පිරිසිදු ආත්මය ඔය ඇස් වලින් දුටිමි මං

ලස්සනම වර්ණ ගෙන මා මතින් තවරගෙන
කවුලුවෙන් එලියෙ පිපි  මල් සුවඳ  උනාගෙන
නුඹ දකින සුන්දරම ලලනාව මම වෙන්න
සිතුනි මට , ඒ වගක් නුඹ දන්නෙ නෑ තවම

මේ හිතෙත් සුපෙම් මල් පීදිලා ලස්සනට
හිමි නැතත් වසන්තය බෑ මටත් නවතන්න
හැලුනු සායම් මතින් වේදනා දිය කරන්න
පිසලන්න එපා. මට අඬන්නට  ඉඩ දෙන්න.

                          🍂🍂🍂

                          🍂🍂🍂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සිතුවිලිWhere stories live. Discover now