නිහඬවම නුඹ මියැදෙන හැඩයි

42 2 0
                                    

සීතලම සැඳෑවක - තනිව හිඳි වෙලාවක..
හදිසියෙම දුටිමි මම - නුඹේ දිරාපත් මහළු රුව

ළමා විය මිතුරන් හා කවි ගීත මුමුනද්දි
නව යොවුන් වියේ දී තනිව කවි පද ගොතද්දී
යොවුන් විය ප්රේමයේ සොඳුරු තන්හි තනි වෙද්දි
මතකයි මට තවම නුඹ ලඟින් උන්නු හැටි..

මං වෙනුවට නුඹේ පාලු මකන්නට
අයිවි වැල්  නුඹව අයිති කරගෙන හැඩයි
අව් වැසි දරාගෙන කාලයත් සමග මහළු ව
නිහඬවම නුඹ මියැදෙන හැඩයි

🍂🍂🍂

🍂🍂🍂

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.







සිතුවිලිWhere stories live. Discover now