Chapter 01

288 33 79
                                    

වීදුරු බුබුළු ඇතුළේ තිබුණ ඉටිපන්දම් වලින් පාට පාට බල්බ් වැල් හැම තැන ම වැල් දුවලා වගේ.. ලස්සනට පිපෙන මල් ටික තියෙන තැන තියන්නෙ නැතුව අරගෙන ඇවිත් හොටෙල් එකේ කණු ටිකේ එල්ලලා... මල් වලටවත් මේ ලොකේ නිදහසේ ඉන්න නෑ කියලා මේවා දැක්ක ම කොහොමත් තේරෙනවා... ඒ මදිවට නටන්න යන්න වගෙ බිත්ති දිගේ කණු දිගේ රෙදි එල්ලලා...

ඇත්තට ම මං ඇයි මෙහෙ ආවේ... නිදහසේ ගෙදරට වෙලා මගෙ නිවාඩු දවස හොදට ඉවර කරන්න තිබ්බා...කියන්න සතුටේ බෑ මගෙ ඉස්සරහට ම ඉන්නවා මං මේ ලොකේ දකින්න ආස ම නැති කෙනෙක්...

" ඔහ්.. හෝ කවුද මේ... "

" කොහෙද යන්නේ .. දැක්කෙ නෑ වගෙ යන එක නම් එච්චර හොද නෑ නේද... "

මොකද.. මං මේ මිනිහව මගෑරලා යන්න ගියත් මගෙ ඉස්සරහින් හිටගෙන කියද්දි මං ඇහුවා..

මොකො මේ සැර... කා එක්ක ද ආවේ..

ඔයාට මොකට ද.. මං අත් දෙකත් හරහට බැදගෙන ඇහුවා..

මේ වගේ Third Clz කෙල්ලෙක් කා එක්ක එන්න ද තිළිණ..

ඔන්න ආවා.. අඩු වෙලා ඉදියේ මේක විතරයි.. මං යන තැනට ම එන්නෙ .. පෙර ආත්මේ ඉදන් පතාගෙන ඔතාගෙන එන කරුම කියන්නෙ මේවා තමයි..

මට කැමති වුණා නම් මින්රදා ඔයා මේ වගේ කතා අහන්නෙ නෑනේ..

මට වෙන වැඩක් නෑනේ.. මං කියල එතනින් යන්න හැදුවත් තිළිණ ආයෙ ම මගෙ ඉස්සරහට එන ගමන්..

කොහෙද යන්නේ..

මං හිතන්නේ... ඉන්න පෝසත් කොල්ලෙක් බලලා යාලු වෙන්න වෙන්න ඇති.. 😏

තිසුරි ඕක නවත්තනව ද...

ඇයි මං නවත්තන්නේ.. අනාථ නිවාසේ හිගන කෙල්ල... තිසුරි කිව්වා... මගෙ ඇස් වලට ඉබේ ම කදුළු පිරුණා කියලා හිතන්න එපා.. ඒක වෙන්නෙ නෑ.. ඒ ඉස්සර.. මේ වචන මට දැන් අහල ම හුරුයි..

හරි ද ඉවර ද ... මට යන්න තිළිණ ඔයා එහාට යනව ද මගෙ පාර හරස් නොකර ..

මේකගෙ ලොකු එක.. තමුසෙ දන්නව ද මං කවුද කියලා.. මං තමයි Wijerathna Industries එකේ Sale Center එකේ Senior Assistant ...

He Is My Painkiller ( Slow Update )Where stories live. Discover now