Chapter 12

67 11 1
                                    

  ...........

    ටාෂි ඊට කලින් දවසෙ ම ගෙදර ගියේ එහෙ පොඩි උත්සවයක් තිබුණ නිසා.. සැනසීමෙ ගෙදර ඇවිත් නිදා ගන්න හිතුවත් රෑ හත විතර වෙනවත් එක්ක ම එක පාරට ම බෙල් එක වැදුන නිසා මාව ගැස්සිලා ගියා.. මේ වෙලාවේ කවුද එන්නේ.. තේෂාන්.. නෑ එයා එනවා නම් මට කතා කරනව නේ..

  ක්..කවුද... මං දොර ළගට ගිහින් හෙමින් සැරේ ඇහුවේ හොරෙක්වත් ද දන්නෙ නැති නිසා..ඒත් ඉතිං හොරා මෙන්න කියලා කියයි.. මට නම් පිස්සු..

  මිනූ මම ..

  තේෂූ...
 
  හ්ම්.. එහා පැත්තෙන් ඇහෙනවත් එක්ක ම මං දොර ඇරල බැලුවේ කලින් කියන්නෙ නැතුව එක පාරට ම ආවේ මොකද බලන්න...

  බබා කෝ ඔයාගෙ පාස්පොර්ට් එක...

  ඇහ්...
 
  පාස්පොර්ට් එක ..

  ට්..තියෙනවා ඇතුලේ.. ඇයි.. තේෂු ප්‍රශ්නයක් ද.. අනික මේ කලබලෙන්...

  ඒක ඉක්මනට අරන් එන්නකෝ...

  ඇහ්.. ආ..හ් ඉන්න.. මං ඉක්මනට කාමරේ ට ඇවිත් කබඩ් එක ඇතුළේ තිබුණ පාස්පොර්ට් එක අර ගන්නවත් එක්ක ම තේෂු කාමරේට ඇවිත්..

  කෝ පර්ස් එක..

  ආහ්... අ..අර තියෙන්නෙ.. ඇයි ප්‍රශ්නයක් ද... මොකද වුණේ..

  ඔයා සේර ම ඇදල ද ඉන්නේ...

  මොකක්.. මං ටිකක් සද්දෙන් ඇහුවේ තේෂු කියපු දේ එක්ක මාව ෆීස් වෙලා ගිය නිසා.. මොනා ද මේ මනුස්සයා අහන්නේ..

  Ah sorry .. I mean ... ඔයාට දැන් ම මා එක්ක එළියට යන්න පුලුවන් ද...
 
  ම්..මොකට ද..

  ඔව් ද බැරි ද..

  ප්..පුලුවන් .. ඇයි ඒත්.. මං අහද්දි තේෂු මගෙ අතින් අල්ලගෙන ඉක්මනට එළියට ගිහින් දොර ලොක් කරලා කී එකත් සාක්කුවට දාගත්තා..

  බබා නගින්නකෝ...

  තේෂු මොකද වුණේ.. මං ඇහුවත් එයා නගින්න කියලා කාර් එක පෙන්නපු නිසා මං කාර් එකට නැග්ගා..

  තේෂු වේගෙන් කාර් එක ඩ්‍රයිව් කරපු නිසා මං මොකුත් ම නොකියා තේෂාන් දිහා බලන් ඉදියේ කතා කරලා මේ මනුස්සයා වාහනෙවත් වෙන කොහෙ හරි අරන් යයි කියලා.. වෙන කොහෙවත් කියන්නේ මං ඉතිං යන තැනවත් දන්න නෑනේ.. 🥲

He Is My Painkiller ( Slow Update )Where stories live. Discover now