Chapter 06

79 17 7
                                    

අර බෝම්බේ... තිසුරි... මේ එක නෙවෙයි මොකො එයා ඔයා එක්ක ඔච්චරට ම වලි..

දන්නෙ නෑ.. එයා තරහයි.. 🙂 මං ලාවට හිනාවක් දාලා කියනවත් එක්ක ම..

මින්රාදා..

ඔහ්.. මං සාමාන්‍ය විදිහට පූර්ණ එක්ක හිනා වෙලා කියද්දි ටාෂි..

මේ.. මින්රාදා විතරක් නෙවෙයි මෙතන අපිත් ඉන්නවා..

එයාට පේන්නෙ මින්රාදා විතර නේ..

සිතූ.. මං සිතූගෙ අතට අනින ගමන් කිව්වා.. ඒ මනුස්සයා බලනවා ඇති පිස්සු ද කියලා.. අයියෝ මං දන්නෙ නෑ.. මේ දෙන්නා එක්ක නම් බෑ..

පෙට්ටි වලට වැඩිය කවුරුත් අවධානේ දෙන්නෙ නෑනේ.. පූර්ණ කියද්දි මං ඇස් දෙකත් ලොකු කරගෙන එයා දිහා බැලුවේ එයා මේ දෙන්නගෙන් කන්න නේද හදන්නෙ කියලා තේරුණ නිසා..

මොකද්ද තමුසේ කියන්නේ පූර්ණ නෙවෙයි අර්ධ වෙන්න ගහන්නෙ හරි ද.. සිතූ තරහින් කියද්දි ..

හරි හරි විහිලුවක් කරේ.. තුන්දෙනා මොකුත් sport එකක් කරන්නෙ නැද්ද..

අපි කරා ම අනිත් අයට තැනක් නෑනේ ඉතිං අපි ඕවට යන්නෙ නෑ.. ටාෂි කියද්දි සිතූත් හිනාවක් දැම්මා.. අනේ මං දා මේ දෙන්නා නම්..

හ්ම් හ්ම්.. මින්රාදා ඔයා අද ඉස්කොලෙ කලින් ආව ද..

ආහ්...

නෑ මං උදේ එද්දි ඔයා පාරේ ඉදියේ නෑනේ..

දැන් ඇයි ඔයා එනකොට උදේ ට අපේ රාදා පාරේ ඉන්න ඕනි ආහ්.. සිතූ ඇහිබැමක් උස්සලා අහද්දි ටාෂි මං දිහා බලලා හිනා වුණ විදිහ නම් මට එච්චර ඇල්ලුවෙ නෑ..

නිකන් ඉතිං.. උදේට එනකොට මට එයාව හම්බෙනව නේ..

ආයෙ හම්බෙන්නෙ නෑ.. සිතූ කියද්දි මමත් බැලුවේ එයා දිහා..

ඇයි.. පූර්ණ කෙලින් ම ටිකක් සැරෙන් වගෙ ඇහුවා.. ඒ බැල්ම නිකන් මං එයා එක්ක ම එන්න ඕනි වගෙ හැගීමක් තිබුණේ.. ආහ් මට පිස්සු එහෙම නෑ..

මොකද මින්රාදා ආයෙ ඉස්කොලෙ එන්නෙ නෑ..

ඇයි... ඒ මොකද.. මින්රාදා ඇයි ඒ..

අහ්.. මේ..

එයා මෙහෙන් අස් වෙනවා එකයි... ටාෂි ත් පැනගෙන කිව්වෙ මාව කරකෝලා ඇතෑරියා වගේ.. මගෙ තුන් හිතකවත් එහෙම අදහසක් නෑනේ..

He Is My Painkiller ( Slow Update )Where stories live. Discover now