Chapter 08

73 17 11
                                    

...........

පණ්ඩිත වැඩ නොකර ආව වැඩේ විතරක් කරන්න.. විනාඩි පහකින් ඔයා ආවේ නැත්තම් මං ඇතුළට එනවා...

ඇහ්..මං කියන්නත් කලින් එයා එළියට ගියා.. අහ්.. අයියෝ මං දන්නෙ නෑ.. මං ඇයි මේ තරම් ලැජ්ජා වෙන්නේ 😪 අහ් මෝඩි.. මං මගෙ අතින් ම ඔලුවට හොද ටොක්කක් ඇන ගන්නවත් එක්ක ම මට ඉබේ ම කෑගැහුණා... ඒ එක්ක ම වටේ ම කළු වෙලා ගියේ මං හිතන්නත් කලින්..

ඔලුව ලාවට රිදිගෙන වගෙ ආවත් මං හෙමින් හෙමින් අමාරුවෙන් ඇස් අරිද්දි වටේ ම කට්ටිය මං දිහා බලන් ඉදියේ හරියට ජිවිතේට දැකලා නැති මනුස්සයෙක් වගේ..

අ..ම්..මා..

දැන් කොහොමද දුව...

ඔ..ඔලුව චුට්ටක් රිදෙනවා..

දුව මොනා ද කරන්න ගියේ.. ඔයත් බලන්න එපෑ තේෂාන්.. අනේ මං දා පුතා චුට්ටක් බලා ගන්න කිව්වම ඔයත් කරන ඒවා..

ඉතිං අම්මා මං මෙයා එක්ක washroom එක ඇතුළට වෙලා ඉන්න ද...

අ..ම්මේ.. මේ තේෂාන් වැරැද්දක් කරේ නෑ.. මං තේෂාන් දිහා හොරෙන් බලලා කිව්වේ මොකද ඔලුවට ගහ ගත්තෙ මම නේ..😩

අනිවාර්යයෙන් ම ආන්ටි.. මට නම් හිතෙන්නෙ මින්රාදා තමයි ඔලුවට ගහ ගන්න ඇත්තේ.. එහෙමනේ...🤨 ගගූ මටත් රවන් කිව්වා.. අපෝ මේ වෙලාවට තමා යාලුවොත් එපා වෙන්නේ..

මොකට ද ඔලුවට ගහ ගන්නේ.. තේෂාන් අහද්දි මං ඇහෙන්නෙ නෑ වගෙ ඉදියා..

හරි හරි දැන් කමක් නෑ... දැන් සද්ද නැතුව ඉන්න එයාගෙ ඔලුවත් රිදෙනවා ඇතිනේ.. අම්මා කියද්දි ගගූ ..

මං අද ඉන්නම් ආන්ටි ...

කමක් නෑ දරුවො මං ඉන්නම්.. කොහොමත් ඊළග දවස් දෙක නිවාඩුනේ.. අද ලෙක්චර්ස් නැද්ද..

හවස එකක් තියෙනවා.. යන්න ම ඕනි නෑ... මං ඉන්නම්..

එහෙම නෑ යන්න... ලෙක්චර්ස් ඕනි නැති ඒවා ඕනි ඒවා කියලා නෑ... අම්මා සැරෙන් වගෙ කියද්දි මං ගගූ දිහා බලලා හොරෙන් හිනා වුණේ මම කියපු එක ම අම්මත් කිව්වා නිසා.. හොද වැඩේ පණ්ඩිත ආච්චිට...

ආ... මිනූ නැගිට්ට ද... දිනෙත් ඇතුළට එන ගමන් අහද්දි මං ලාවට හිනා වුණා..

He Is My Painkiller ( Slow Update )Where stories live. Discover now