Chapter 07

74 18 25
                                    

.............

Why...why not?

ආහ්.. ඔයාට තේරෙන්නෙ නැද්ද මේ වගෙ බිල් ගෙවන්නෙ කවුද.. දවසකට කොච්චර ලොකු බිල් එකක් හදනද මේ වගෙ.. ඔයාට වියදම් කරන්න සල්ලි තිබුණට මට එහෙම නෑ... මං කියනවත් එක්ක ම එක පාරට ම තේෂාන් ළගට ඇවිත් ලං වෙන ගමන්..

මං දැන් ඔයාට කිව්ව ද මේවට ගෙවන්න කියලා ආහ්..

නැතුව ඔයා හිතුවද මේක දන්සලක් කියලා නිකන් බෙහෙත් දෙන්න..

ඔයා කියන දේවල් මං දන්නෙ නෑ.. කට වහගෙන පණ්ඩිත නොවී බෙහෙත් ගන්නවා.. මං ඔයාගෙ අම්මා එක්ක ඒක බලා ගන්නම් එච්චරයි.. shut up and rest okay .. එයා ගිනි පිටවෙනවා වගෙ ඇස් දෙකෙන් මං දිහා බලලා කියද්දි මාව ගැස්සිලා ගියා.. ඒකට බය හිතෙනවා... එයා සැරයි... මාව ෆ්‍රීස් වෙලා ගියා..

මං මොකුත්ම නොකියා බලන් ඉන්න අතරේ එයා මගෙ බෙඩ්ශීට් එක උඩට කරලා හදලා මට රවලා යන්න ගියා..එයා ඇත්තටම කවුද.. ඇයි මෙහෙම කරන්නේ.. එයා මාව විහිලුවට අරන් ද නැත්තම් මාව හිගන්නෙක් කියලා හිතලද.. නැත්තම් එයා ඇත්තටම මට... නෑ.. එහෙම නෑ... ආහ් මං දන්නෙ නෑ.. මට තේරෙන්නෙ නෑ.. ආහ් මගෙ ඔලුව..

ඔලුව පැලෙන්න වගෙ රිදුණ නිසා මං ඔලුවට අත තියද්දි මට දැනුණේ ඔලුව වටේ මොකක් හරි ඔතලා තියෙනවා.. මං හෙමීට අතක් ඔලුව වටේ යවලා බැලුවා.. ඒ කියන්නෙ මං වැටුණම ඔලුවත් පැලුණ ද.. ආහ් ඇත්තටම මට නම් දැන් පිස්සු හැදෙනවා එකක් මදිවට තව ලෙඩක්...😩

තේෂාන් හිතන් ඉන්නේ මැඩම් කියන්නේ මගෙ අම්මා කියලා.. ඔව් කොහොමත් මැඩම් මගෙ අම්මා වගෙ තමයි.. මගෙ අම්මටයි තාත්තටයි මාව එපා කියලා දාලා ගියාම මැඩම් නේ මාව මේ වගෙ හැදුවේ... මං ඇදට වෙලා මේ දේවල් ගැන කල්පනා කර කර ඉන්න අතරේ ඇතුළට ආවේ මැඩම් එක්ක තව කවුද සර් කෙනෙකු‍යි මැඩම් කෙනෙකුයි..

මං නැගිටින්න හැදුවත් ඒ ඉදපු ගෑණු කෙනා මං ළගට එන ගමන්..

නෑ නෑ ඔයා රෙස්ට් කරන්න දුව... එයා හරි ම ආදරණීය විදිහට හිනා වෙලා කිව්වා.. ඒත් එයාගෙ මූණෙන් හොදයි වගෙම සැරයි කියලත් මට තේරුණා..

ඉතිං දේවිකා මේ ඉන්නෙ ඔයාගෙ දුව ද.. අපෙ පුතා කිව්වට මං හිතුවේ නෑ අපි දන්න කියන කෙනෙක්ගෙ දරුවෙක් කියලා.. ඒ ගෑණු කෙනා ඇහුවා.. කවුද පුතා.. ඉන්න බැරි වෙලාවත් මේ තේෂාන්ගෙ අම්මද.. 😳

He Is My Painkiller ( Slow Update )Where stories live. Discover now