9 part 🖼️🎨

68 12 4
                                    



ජිමින් කාර් එක ඩ්‍රයිව් කරන් යන අතරෙම බැලුවෙ ෂටර් එකෙන් එළිය බලාගෙන කල්පනා ලෝකෙක ගිලිල ඉන්න ටේ දිහා.

'මෙයාට මොනාවෙලාද මන්ද...කතාවක්වත් නෑ..වෙනදට කොව්වර නවත්තන්න කිව්වත් කියවිල්ල නවත්තන් නැති කෙනා අද සද්දයක්වත් නෑ...'

"ටේ ටේ"

ජිමින් ටේට කතාකරත් ටේට නෙමේ ඇහුනෙ.තාමත් ටේ ෂටර් එකෙන් එළිය බලාගෙනම හිටියා.

"ටේ....ටේ!!!"

"අහ්....ආ"

දෙවනි පාර කතාකරලත් වැඩක් නැතිවුන නිසාම ජිමින් වාහනේ අයිනකින් නතරකරල ටේගෙ කන ලඟට නැමිල සද්දෙන් ටේගෙ නම කියල කෑගැහුවා.

" ආශ් ඇයි ජිමිනි කෑ ගහන්නෙ...මගෙ කනත් මොකද්ද වුනා වගේ."

" කෑ ගහන්නැතුව පුළුවනෑ. මං දැන් කීයෙ ඉදන්ද කතා කරන්නෙ.ඔයා ඇහුන්නෑ වගේ හිටියේ.ඒකයි කෑගැහුවෙ හුහ් 😒"

"හර හරි....දැන් ඇයි කතාකරේ?"

" මොකද්ද බීච් එකේදි ඔයයි කුකී අතරවුනේ ටේ? ඇයි ඔයා මේ විදියට ඉන්නෙ?"

ජිමින් ටේගෙන් ඒ විදියට අහද්දි ටේට උත්තර දෙන්න තරන් ශක්තියක් තිබුනේ නෑ.ටේ තමන්ගෙ ඇස්වල පිරෙන කදුළු හන්ගන්න ඕනෙ නිසාම එයාගෙ ඔළුව බිමට හරවගත්තා.ඒත් ඉතිං ටේ මේ කාගෙන්ද එයාගෙ දුක වේදනාව හන්ගන්න හදන්නෙ.....එයාගෙ හොඳම යාළුවගෙන්....එයාගෙ සෝල්මේට්ගෙන්.....එයාගෙ පුංචි වෙනසක් වුනත් හැරෙනකොටම කියන්න පුළුවන් කෙනාගෙන්.....

" ඇයි ඔය කදුළු මගෙන් හන්ගන්නෙ ටේටේ ආ!....ඔයා කවදාවත් එහෙම කරල නෑ.ඒත් අද ඇයි මගෙන් මේ දේවල් හන්ගන්න උත්සහ කරන්නෙ ආ!"

ටේගෙ ඇස්වල පිරිල තියෙන කදුළු තමන්ගෙ අත් දෙකෙන්ම පිහදාන ගමන් ජිමින් ටේගෙන් ඇහුවා.

"ජ්---ජි---ජිමි--න්නී😭💔"

ජිමින්ගෙ වචනත් එක්ක ටේට තවත් එයාගෙ කදුළු පාලනය කරගන්න බැරිවුනා.එකපාරටම තදින් ජිමින්ගෙ බෙල්ල බදාගත්ත ටේටේ මහ හයියෙන් කෑ ගහල අඬන්න ගත්තා.


↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽↽

sorry for the late guys 🥲



💗𝐚𝐮𝐭𝐡𝐨𝐫 𝐉𝐄𝐎𝐍_𝐓𝐀𝐄𝐒𝐇𝐈 💗

ᴛʜᴇ 🅿🅰🅸🅽🆃🅸🅽🅶 ║ Taekook ❘ vmin (Completed 🙃)Where stories live. Discover now