❤️ වචන සහ ක්‍රියා ❤️

75 12 11
                                    

" වැඩියෙන්ම දැනෙන්නේ වචනද ? ක්‍රියාවන්ද ? "

" ම්ම්. ඒක වේලාව , හැඟීම අනුව වෙනස් "

" කොහොමද ඒ ? "

" සමහරක් වේලාවට සමහරු වචනෙන් අපිට ආදරය කියලා කියනවාට වඩා එයා අපිට එයාගේ ක්‍රියාවන් වලින් එයාලගේ ආදරය දැනෙද්දි ඒක වැඩි. ඒ වගේම අපිට කවුරුහරි වචන වලින් රිද්දද්දි ගොඩක් රිදෙනවා. හදවතක් හරියට අමු අමුවේ මරලා දානවා වගේ. හැබැයි මේ දෙකම එකට වැඩ කරද්දි ඒක අමුතු හැඟීමක්. "

" මොන වගේද ? "

" අපි දුකින් ඉද්ඳි කවුරුහරි අපිට උරහිසක් දීලා. ' අඬන්න. හිතේ තියෙන දුක අයින් වෙනකන් අඬන්න ' කිව්වාම අපි එතනදි අ⁣පි කොච්චර ශක්තිමත්ව ඉන්න හැදුවත් මමත් දුර්වලයි කියලා අපි එයාට දැනෙන්න දෙනවා. ඒ වගේම අපිට එයාගේ උරහිසයි එයාගේ වචනයි එක්ක අපි නිකන්ම සුවපත් වෙනවා. හරියට අපිට අමුතු නිදහසක් දැනෙනවා වගේ. ඒත් ඒක විස්තර කරන්න අපිට බෑ. "

" ම්ම්න් "


- මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️

Heart to HeartWhere stories live. Discover now