❤ පහන ❤

20 2 0
                                    

පහන පිරෙන්නම තෙල් දාලා පහනට තිරේ දාලා පහන පත්තු කරද්දි මුලින්ම මතක් වුණේ උඹව. පහන් දැල්ලේ රස්නෙට මේ ලෝකේට එද්දි මම වටපිට බැලුවා. මම ඉන්න භූමිය ආදරේ පිරිච්ච මිනිස්සුන්ගෙන් පිරිලා ගිහින්. මට ඉබේටම උඹව මතක් වුණා. හිතට දැනුණු බර ගතියත් එක්ක ආය යන්න හැරුණත් අතේ තිබ්බ තෙල් බෝතලේට ඇඟිලි තද වෙද්දී අහේතුකවම මට තව පහනක් පත්තු කරන්න ඕන වුණා. ඒත් ඒ පහන පත්තු වුණේම උඹේ මතක එක්ක මැණික. ඒ පහන තියලා මම ප්‍රාර්ථනා කරේ උඹ සතුටින් ඉන්න කියලා. පහන තියලා එන අතරමඟ අහස දිහා බලද්දී මම දැක්කේ කළුවර අහස එළිය කරගෙන පායලා තියෙන පිරුණු හඳ. පිං පාටයි. ඒ පිරුණු හඳත් හරියට මගේ කළුවර වෙලා තිබ්බ ජීවිතේට ආපු උඹ වගේ මැණික. ඒකත් එක්කම දැනුණු සැනසීම එක්ක මම ආවේ උඹේ මතක වල හිරවෙලා.





- මම වයිට් රෝස් ප්‍රින්ස් ❤️

Heart to HeartNơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ