8 . රතු පාට මෝචියක්

188 57 4
                                    

"ආශ් මේ මනුස්සයාට පිස්සුද...නැත්තන් හැටිද...දැන් මැරුනා අර යකාව බලන්න ඕනෙ කියලා...ඒ ගමන පැත්ත මාරුවෙලා දුවනවා..."

ටේ පිස්සෙක් වගේ කෑ ගහලා ජිමින් පස්සෙන් ලයිබ්‍රරි එකටම ගියා...
හිමින් හිමින් ඉස්සරහට අඩි තියපු ටේට ඇහුනේ හීන් ඉකි ගහන සද්දයක්...

වීදුරු ජනේලයක් ගාව තියෙන පොත් රාක්කයක් ගාවට වෙලා එලිය බලන් ඉකි ගහගහ අඩන ජිමින් ගාවින් ඉදගත්ත ටේ ඒ ගැස්සෙන් උරහිසකින් අත තිබ්බා...

ජිමින් කදුලු පිරුන ඇස් වලින් ටේ දිහා බැලුවට ටේ ජිමින්ව හග් කරලා හිමින් කොන්ඩේ අතගෑවා...

"ට්...ටේ...."

"චිම්...අයියෝ අඩන්න එපා චිම්....ඔයා ඔහොම දුර්වල වෙලා බෑනෙ ම්ම්..."

"අනේ.. ටේ ටේ මං ...ක්...කුකී හ්‍යුන්ග්..ට ආ...දරෙයි ටේ....ම..තකද එයා මාව රැ..ග් වලින් බේ..රගත්ත විදිහ...එ..එයා හැමවෙලේම මාත් එක්ක සතුටින්...හිටියානේ...එය්..යාට මාව..පොඩ්ඩක්..වත් තේරුනෙ නැද්ද ...ටේ ටේ...?"

"චිම් අහන්නකො...ජන්කුක් හ්‍යුන්ග්ට හේතුවක් ඇති සෝහුන්ව මැරි කරන්න...එයාට ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියෙත් නෑනෙ...කව්ද දන්නෙ එයා අකමැත්තෙන් මේ කසාදේ කරනවද කියලා...ඔයත් දන්නවානෙ එයාට ආදරේ කරන්න කෙනෙක් හිටියේ නෑනෙ...."

"එ...ඒත් ටේ ටේ.....එ..එයා..."

"ශ්ශ්...දැන් ඇති කෝ දැන් නැගිටින්න ..අපි ගෙදර යන්න ඕනෙ...ඔයා නම් දැන් රතු පාට මෝචියක් වගේ...."

ටේ ජිමින්ගේ කම්මුල් අත් අතරට ගන්න ගමන් කිව්වා...ජිමිනුත් ඔලුව වනලා නහයත් දෙතුන් පාරක් උඩට ඇදලා ටේත් එක්ක ගෙදර ගියා...








:)

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now