21 . චිම් ( END )

189 53 6
                                    

"ජිමින්.........!!"

කකුලක් කොරගහන ගමන් ජිමින්ගෙ පැත්තට එන්න හදපු ජන්කුක් එක පාරම කෑ ගැහුවේ එයා පරක්කු වැඩිද කියලා හිතන ගමන්....

"අත් උස්සලා ආයුධ බිම දාලා යටත් වෙනවා...."

සෝහුන්ලව හතර වටේන්ම පොලිසියෙන් වට කරද්දි සෝහුන් කරගන්න දෙයක් නැතුව ගන් එක පැත්තකට දාලා යටත් වුනා...

ඒ අතරේ ජන්කුක් හිමින් හිමින් අඩි තිබ්බෙ ජිමින් කලින් හිටන් හිටපු තැනට...ඔව් කලින්...දැන් ජිමින් එතන නෑ....
පොලිස් වෙඩි සද්ද නිසා ගැස්සුන ජිමින්ගෙ කකුල ගැස්සිලා කන්දෙන් පල්ලෙහාට වැටෙන්න ගියෙ එක ක්ශනයයි.....

"ජ්...ජිමින්.......!!"

ජන්කුක් ජිමින්ට කතා කරන ගමන් ඉස්සරහට අඩි තියලා කන්දෙන් පහල බැලුවා....

After 2 Days

"ජන්කුක්......!"

"අහ් ඔව් හොබා කියහන්....."

"ජ්..ජිමින්....."

"ඇයි මොකද...මොකද වුනේ...ජිමින්ට මොකද.....?"

ජන්කුක් කලබලෙන් අහද්දි හොබි ජන්කුක්ගෙ උරහිසින් අත තිබ්බා...

"අනෙ ඇයි බන්...කියපන්කො...."

"අන්න සිහිය ඇවිල්ලා බූරුවො....ගිහින් බලපන්...උබව හොයනවා...."

හොබි හිනා වෙලා කියද්දි ජන්කුක් ටිකක් වෙලා බලන් ඉදලා හොබිගෙ කම්මුලට කිස් එකක් දිලා එතනින් දිව්වෙ ජිමින් හිටපු වෝඩ් එකට....

"ඊව් සැක්....!"

හොබි කම්පියුස් වෙලා කම්මුල පිහින ගමන් පස්ස නොබලා දුවන ජන්කුක් දිහා බලන් හිනා වුනා....

එදා ජිමින් කන්දෙන් නොවැටි බේරුනේ එයා ගල් පතුරකින් අල්ලන් හිටපු නිසා...ඒත් උන සිද්දියෙන් ජිමින් ශොක් වෙලා හිටපු නිසා එයාව එක්කන් යද්දි සිහිය නැතිවෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කරන්න වුනා...

අදයි දවස් දෙකකට පස්සෙ ජිමින්ට සිහිය ආවේ....

"ජ්...ජිමින්.....!"

ජන්කුක් ජිමින් හිටපු කාමරේ දොරත් ඇරන් ඇතුලට යද්දි ටේ එක්ක ලොකු කතාවක හිටපු ජිමින් ජන්කුක් දිහා බලලා ලස්සනට හිනා වුනා...

"හ්‍යුන්ග්...."

"ක්..කොහොමද ඔයාට දැන් ඔයා හොදින් නේද...?"

"මට දැන් හොදයි හ්‍යුන්ග්...හ්‍යුන්ග්ට කොහොමද....? හැමදේම හොදින් නේද...?"

"ප්‍රශ්නයක් නෑ චිම් අපි හැමෝම හොදින්...."

ජන්කුක් එයාගෙ බනී ස්මයිල් එක දාලා කියද්දි ජිමින් ජන්කුක් කියපු එක වචනයක් ගැන තදින්ම හිතුවා...

"චිම්....?"

"අහ්...ඒක මේ නිකන් කිව්වෙ..."

ජන්කුක් බෙල්ල පිටිපස්සෙ කහන ගමන් කියද්දි ජිමින් හිනා වුනා...

"හ්‍යුන්ග් සෝහුන්ට මොකද වුනේ...? මං ඇහුවට මේ ටේ කිව්~~ඇහ් ටේ කෝ....?"

ජිමින් එයාට එහා පැත්තෙ හිටපු ටේ දිහා බලන්න ගියත් එතන ටේ හිටියේ නෑ...

ජන්කුක් ජිමින් හිනාවෙවී කතා කරන්න ගත්ත වෙලේම ටේ එතනින් ඉක්මනට මාරු වුනේ ඒ දෙන්නාට නිදහසේ කතා කරන්න දිලා...
ජිමින්ව හොස්පිට්ල් එකට ඇඩ්මිට් කරාම ජන්කුක් හැමවෙලේම ජිමින් ලගින්ම ඉද්දි ටේට උනත් තේරුනා ජන්කුක්ගෙ හිතේත් ජිමින් ගැන හැගීමක් තියෙනවා කියලා...

"සෝහුන් ගැන හිතන්න ඕනෙ නෑ දැන්...ඔයා රෙස්ට් කරන්න...දැන් හැමදේම හොදින්නේ..."

"හුම් හුම්...."

ජිමින් මූණත් ඇද කරන් කියද්දි ජන්කුක් ජිමින්ගෙ ඔලුව අතගාලා හිනාවුනා...


:)

ඉවර නෑ....Special Chapter එකත් කියවන යම්න....! ♥

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Où les histoires vivent. Découvrez maintenant