12 . අතුරුදහන් වීම

177 47 4
                                    

ජිමින්ගෙ කෝල් එක අතරේ කිචන් එක දිහාට ගියපු ටේට ජිමින් කෑ ගැහුවම ටේත් බලවෙලා දුවන් ආවා...

"ජිමින්...! මොකද වුනේ...ඇයි මේ බයවෙලා...?"

"ටේ කුකී හ්‍යුන්ග් කෑ ගැහුවනෙ...එක පාර කෝල් එක කට් වුනා...."

"බය වෙන්න දෙයක් නෑ ජිමින් එයාගෙ අර වසවර්ති හුරතලා ඇගට පනින්න ඇති..."

"නෑ ටේ...හ්‍යුන්ග් කෑ ගැහුවේ වෙන මොකෙකට හරි වෙන්න ඇති...අනෙ හ්‍යුන්ග් කෝල් ආන්සර් කරන්නෙත් නෑනෙ...."

"අයියො චිම් අඩන්න එපා...හොබී හ්‍යුන්ග්ට කියලා බලන්න පොඩ්ඩක්...."

"හ්..හරි ඉන්න...."

ජිමින් බයවුන පාරට එයාට ඇඩුනා...කදුලු පිහන් ජන්කුක්ගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් හේසොක්ට ජිමින් කෝල් එකක් අරන් වුන දේ කිව්වම හේසොක් බලලා විස්තරයක් කියන්නම් කිව්වා....

පැය බාගෙකටත් වැඩියෙන් හෙසොක්ගෙන් කෝල් එකක් එනකම් බලන් හිටපු ටේමින් ඩබලට සෝෆා එක උඩම නින්ද ගිහින් තිබුණා..

ඒත් හදිස්සියෙම දෙන්නට ඇහැරුනේ ජිමින්ගෙ ෆෝන් එක රින්ග් වෙනවා ඇහිලා...
කෝල් කරන්නෙ කව්ද කියලා දැකපු ගමන්ම ජිමින් කෝල් එක ආන්සර් කරේ එහා පැත්තෙන් කතා කරන කෙනා හොදින් කතා කරන්න කියලා...

"ජ්..ජිමින්..මං කුක්ගෙ ගෙදර ආවා...ඒත්......"

"එ..එත් මොකක්ද හ්‍යුන්ග් මොකක්ද උනේ..."

"මොනා උනත් හොද දෙයක් නෙවෙ ජිමින් වෙලා තියෙන්නෙ..
මං හිතන්නෙ කවුරුම හරි මෙහෙට ඇවිත්...මං එද්දිත් ගෙදර දොරත් ඇරලා තිබුනේ...ඇතුලේ තිබුන හැම දෙයක්ම සීසිඩක විසිරිලා...කුඩුවෙලා...!කුක් ගෙදර හිටියෙත් නෑ...."

"අ..අනෙ හ්‍යුන්ග්...කුකී හ්‍යුන්ග්ට මොකද වුනේ..."

"කලබල වෙන්නෙ නැතුව ඉන්න ජිමිනා මං මේ කුක්ව හොයන්න යන ගමන්...
මං අදුරන ඔෆිසර් කෙනෙක්ටත් කිව්වා....."

"අ..නේහ්...."

"කලබල නැතුව ඉන්නකො..එයාට ඉක්මනට හම්බෙයි....ඔයත් පරිස්සමින් ඉන්න එහෙනම් මං තියන්නම්...."

Beep...Beep.....

අතේ තිබුන ෆෝන් එකත් අතෑරිලා ජිමින් එහෙම්ම ලග තිබුන සෝෆා එකෙන් ඉන්දුනා...











ශකබුම්.....💥

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now