20 . ඇත්ත නැත්ත

169 45 8
                                    

"වැරැද්ද තමා උබලගෙ පවුල් එකතු වෙලා මගෙ අප්පාව මරාගත්තා යකො...මගෙ මුලු පවුලම විනාශ කරා....උබෙ අප්පා..හහ් මගෙ මහලොකු බාප්පා ඌ නිසා තමා මගෙ අප්පාට ලැබෙන්න තිබුණු දේපල නැති වුනේ...මගෙ අප්පා තමන්ගෙ මහන්සියෙන් ගොඩ ආවේ.....එහෙම වෙලත් අර ජියෝන් කාරයාගෙ බොරු චෝදනාවක් නිසා මගෙ අප්පාට මැරෙන්න සිද්ද වුනා...ඔම්මා නැති මට හිටියේ මගෙ අප්පා විතරයි...ඒත් අන්තිමේදි උබලා සේරම මගෙ ජිවිතේ කෑවා...මං මේ කරන්නෙ මගෙ අප්පාගෙ පලිය ගන්න එක....ඒ වෙනුවෙන් උබලා හැමෝම වන්දි ගෙවන්න ඕනෙ...උබලා ඔක්කොටම එකම ලේනෙ ඉතින් තියෙන්නෙ...පවුල පිටින්ම විදවපන්...හහ්...හා.......!!!"

කැලෑව පුරාම සෝහුන්ගෙ වියුරු හිනාව දෝංකාර දෙද්දි ජිමින් බලන් හිටියේ ඒ කියපු දේවල් ඇත්තද කියලා පිලිගන්න බැරුව...ජන්කුක්ගෙ අප්පා ඇත්තටම එහෙම දෙයක් කරාද කියලා ජිමින්ට පිලිගන්න අමාරුයි...

"හ්..හ්‍යුන්ග්...මගෙ අප්පා එහෙම දෙයක් කරන්නෑ හ්‍යුන්ග්...තේරුම් ගන්නකො....මගෙ අප්පා දේපල වලට කෑදර කෙනෙක් නෙවේ...අනික එයාගෙ හැම දෙයක්ම එයා හම්බකරපු දේවල්...නැතුව බලෙන් ගත්ත දේවල් නෙවේ..."

ජිමින් වචන පැටලෙන්න නැතුව අමාරුවෙන් කියද්දි සෝහුන් කරේ තවත් හයියෙන් හිනාවෙන එක...

"මොකක්ද උබ කීවේ..හ්‍යුන්ග්...හාහා හ්‍යුන්ග්....කව්ද්ද යකො උබට මම හ්‍යුන්ග් වුනේ....තෝ මගෙ සහෝදරයෙක් නෙවෙ...තොපි ඔක්කොම මගෙ ජිවිතේ විනාශ කරපු උන්...එහෙම උන්ට තව දුරටත් ජිවත් වෙලා ඉන්න අයිතියක් නෑ...!!"

සෝහුන් එහෙම කියන ගමන් ජිමින් දිහාට අඩි තිබ්බෙ එයාගෙ පැත්තට අතේ තිබුන ගන් එකත් ඒම් කරගෙනමයි...

"හ්..හ්‍යු---"

"උබ කොහෙ කියලා පැනලා යන්නද පොඩි එකෝ...එක්කො උබ වෙඩි කාලා මැරෙනවා..නැත්තන් ඔතනින් පහලට වැටිලා කුඩුවෙලා යනවා..."

සෝහුන් කටේ කොනේ හිනාවක් තියන් කියද්දි ජිමින් බැලුවේ එයාගෙ පිටිපස්ස...

කන්දෙන් වැටෙන්න ඔන්න මෙන්න ඉන්න ජිමින්ට තව දුරටත් යන්න දිහාවක් ඉතුරු වෙලා තිබුනේ නෑ...අඩියක් හරි පිටිපස්සට තිබ්බොත් කෙලින්ම පහලට අඩියක් හරි ඉස්සරහට තිබ්බොත් වෙඩි පාර....

ජිමින් අසරණ බැල්මකින් ආපහු සෝහුන් දිහා බලද්දි සෝහුන් ගන් එක ලෝඩ් කරා....

"හ්‍යුන්~~~"

💥

"ඈහ්හ්හ්හ්හ්හ්හ්හ්.................."








:)

වැටුනද....? වෙඩි කෑවද...?

BMQ~

සැඟවුණු සිතුවිලි | JIKOOK | COMPLETE ✓Where stories live. Discover now