🥀 2. ඔබ දුටු ඒ මුල් දිනේ 🥀

1.4K 181 160
                                    

AL වලට ටියුෂන් ක්ලාස් පටන් අරන් දැන් සති කීපයක් ගිහිං...
හොඳයි හොඳයි කියන ක්ලාස් ගානේ ගිහිං අන්තිමේ මට සෙට් වෙන ක්ලාස් ටිකක් මං තෝර ගත්තා....මගේ මමා වගේම පපා ලොකු ප්‍රයිවට් හොස්පිට්ල් එකක රටම දන්න specialist ලා වෙනකොට ඒ දෙන්නාගේ මොලෙත් එක්ක ආපු , OL දිස්ත්‍රික් රෑන්ක් එකකුත් දාපු , AL වලට bio කරන මං ඉතිං අනිත් අය කියන විදිහට සුපිරි බ්‍රයිටෙක්....

ඒත් හැම මඟුලටම මගේ පස්සෙන් ඉන්න,මං වගේම සල්ලිකාර නැහැදුන,රස්තියාදුකාර,සෙල්ලක්කාර, මගෙ ගෝත යාළුවෝ අතර නම් ඉගෙනීම අතින් වැඩකට ඇති එකෙක් නැති තරම්.දෙමාව්පියන්ගෙ සල්ලි එක්ක හොර ඩිග්‍රියක් හරි ගන්න පුළුවන් වෙද්දී උන් bio කරේ ෂෝ එකට වගේ.....උන්ගෙන් මම වෙනස් උණ එකම හේතුව ඉගැනීමේ දක්ෂ කම වෙද්දී ඒ නිසාම උන් මාව දෙවියෙක් වගේ අදහද්දී හරි ගියා හෝ නැතා උන් ටිකත් මගේ පස්සෙන් ආවා යන යන තැන.

ඉතිං අද මං ක්ලාස් ආවෙ සතියක්ම ක්ලාස් මඟ ඇරලා...යාළුවෝ එක්ක කරන තරමක් කුපාඩිකම් කරත් ක්ලාස් කට් කරන එක නම් මගෙ පොතකවත් නැති දෙයක්..ඒත් ගිය සතියේ ක්ලාස් එන ගමන් ඉද්දී මට උණේ නොහිතන විදිහක කරදරයක්... පාරෙ අයිනෙන් ගියත් පාරෙ ගිය වාහනයක් බ්රේක් නැතිව ඇවිත් ඇඟටම කපද්දී හැප්පෙන්න ඔන්න මෙන්න තියෙද්දී පාරෙ ගිය ගෑනු කෙනෙක් මාව ඇදලා ගත්ත නිසා ඇරෙන්න සමහර විට අද මම පණපිටින් නොයින්නත් තිබුණා.ඒත් සිරිමක්වත් නොවී මම බේරුණත් ඒ ගෑණු කෙනා මාව බේරන්න ගිහිං අනතුරේ වැටුණා.උණු දේත් එක්ක සිහියත් අසිහියත් අතර කඳුලුත් එක්ක ඇසුත් බොඳවෙලා හිටපු මන් දැක්කෙ ලේ පෙරන් බිම වැටිලා හිටපු ගෑණු කෙනත් එතනම වැටිලා ගෑණු කෙනා දිහා බලන්න බැරි කමටදෝ මං දිහා බලන් කෑ ගහලා අඩන පිරිමි ළමයෙකුගෙ චායාවකුත් විතරයි...වටපිටාව ගැන පැහැදිලි අවබෝධයක් නැති වෙද්දී කම්පනේටම මාව සිහි නැති උණා....

අනතුරක් නොවුණත් ටික දවසක් මං හිටියේ ෂොක් එකේ....ඒ ගෑණු කෙනාගේත් පිරිමි ළමයගේත් අපැහැදිලි චායාව මට හැම වෙලාවේම මැවිලා පෙනුණා...මමාත් පපාත් එයාලගෙ හොස්පිට්ල් ඒකෙම නතර කරන් එයාව බලා ගත්තා...ඒත් බලන්න යන්නවත් මට හයියක් තිබුණෙ නෑ...ඉතිං අමාරුවෙන් හිත හදන් අද ක්ලාස් ආවෙ නෑවිත් බැරි කමට...

Remorse 💚❤️ YiZhan Ff 💚❤️ CompleteWhere stories live. Discover now