එදා කෑම කන්න ගිහිං උණු සිද්ධියෙන් පස්සෙ දවස් ගානක්ම ගෙවිලා තියෙද්දි ස්කූල් ගියෙත් නැතිවම මං ඇදේ පෙරැළිලා හිටියේ ඔළුවේ තිබුණ තුවාලෙන් එන වේදනාව දරාගන්න බැරි තරම් වෙද්දී.....ඉතිං අමාරුවෙන් ගෙවුණ සතියකට පස්සෙ අද සිකුරදා වෙද්දීත් එයාගෙන් තාමත් කෝල් එකක් නෑ වගේම phone එක තාමත් off.ඔව් මාස ගාණක් වෙලාවක් අවේලාවක් නැතුවම මගෙ කන ළඟ ඇහුණු එයාගෙ කට හඬ අතුරුදන් වෙලාම ගිහිං.
.
.
.
.එදා අරු කියපු අසික්කිත කතාවත් එක්ක එයා එතනින් නැගිටලා යනවා විතරයි මට පැහැදිලිව මතක තිබුණේ..ඉවසලා ඉවසලා බැරිම තැන ඇහුණු උගේ කතාවත් එක්ක එයාට උණ පොරොන්දුත් ඉන්නෙ කොහෙද කොහොමද කියන එකත් අමතක උණු මං ,උගෙ යාලුවො මාව නවත්වන්න හදද්දිම ආපු කේන්තියට උගේ කටටම මිටි ගුලියෙන් ගහන් ගහන් ගියේ වියරුවෙන් වගේ....
අන්තිමට කටක් තියෙනවාද කියලාවත් නොපෙනෙන ගාණට උගෙ මුළු කටම ලේ ගල ගල මස් කෑල්ල වගේ පෙනෙද්දීත් තවත් සෑහීමක් නොවුණු මං ආයිමත් ගහන්න අත විසි කරත්,හිටි හැටියේ ඔළුවෙන් දැනුණ තද වේදනාවක් එක්ක ඇස් නිලන්කාර වෙලා යනවා විතරයි මට මතක.සෑහෙන වෙලාවකින් මට සිහිය එද්දීත් මං හිටියෙ ක්ලාස් එක කිට්ටුව තිබුණ චැනල් සෙන්ටර් එකක.
"ආහ් ඉල්න්දාරියා ඇහැරියද...ගහගෙන හරි මහන්සි වගේ නේ..."
මං ඇස් අරිනවා දැකපු එතන හිටපු ඩොක්ටර් කිව්වේ වේදනා දෙන ඔළුවත් අල්ලන් මං වටපිට බලද්දී.
"එළියේ ක්ලාස් එකේ වැඩ කරන මනුස්සයෙක් ඉන්නවා..ක්ලාස් එකේ සර් එක්ක ඔයාගෙ යාළුවෝ වෙන්න ඇති ඇවිත් බලලා ගියා.එළියේ ඉන්න මනුස්සයා ඔයාගෙ පපාගෙ හොස්පිට්ල් එකටත් කෝල් කරා...මේවා මහ නඩු යන වැඩ..සර්ගේ කීමටයි මිස්ටර් සේරසින්හගෙ පුතා කියපු නිසයි ඇරෙන්න අතක් තියන්නේ නෑ මං නම් මේ වගේ වැඩ වලට..."
අමාරුවෙන් ඇදේ ඉඳගෙන,ඔලුව පිටිපස්සේ ගහලා තිබුණ ලොකු ප්ලාස්ටරේත් අල්ලන්, උණේ මොකක්ද කොහොමද කියන එක කල්පනා කරගන්න බැරිව ඔහේ බලන් ඉද්දී ඉන්න තැනම ඉඳගෙන මගේ පැත්තට පුටුව කරකවා ගත්ත ඩොක්ටර් කියවන් ගියේ කණ්ණාඩි දෙක යටින් මං දිහා බලන්.
YOU ARE READING
Remorse 💚❤️ YiZhan Ff 💚❤️ Complete
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...