🥀52.ප්‍රේමයේ පසු වදන 🥀

589 114 84
                                    

👉👉 වර්තමානය... 👈👈

අදට දවස් 7ක්...මං මෙහෙට ඇවිත් දැන් සතිය ක්...මේ දවස් ගානට හරියට කෑමක් බීමක්වත් ඇඟට නොවැටෙද්දී නින්ද පවා මගෙන් ඈතට ගිහිං තියෙන්නේ කරපු වැරදි වලට තව දුක් විදපන් කියන්න වගේ...ගෙවුණ කාලෙ පුරා මං හිනා වෙලා සතුටින් හිටපු දවසක් නැති තරම්...අවුරුදු 7කට කලින් දවසක අන්දු අපේ ගෙදරින් එළියට බැස්සේ මගෙ සතුට හිනාව සැනසීම හැමදෙමත් අරගෙන...

ඉතිං මං වැටුණේ නැද්ද...නෑ මං වැටුණා..සමහර විට එයාටත් වඩා ඉක්මනින් මං වැටුණා...මොකද බැලූ බැල්මට රැවටුණේ මාව...අත ඇරලා දැම්මේ මාව...තනි උණේ මං....ඉතිං
මට දරාගන්න අමාරු උණා...තප්පරෙක පරක්කුවකින් අද අමාන් කියලා කෙනෙක් සමහර විට මෙතන නොයින්නත් තිබුණා...

ඒත් අන්තේටම වැටෙද්දී උණත් අතින් අල්ලන් නැගිට්ටවලා ආපහු හරි පාර පෙන්නන්න මමා පපා මං ළඟ හිටියා...එයාලා හරි පාරට මාව තල්ලු කරද්දි අකමැත්තෙන් හරි ඒ පාරෙ මට යන්න සිද්ද උණා...

ඉතිං අන්තිමේ...අමාන් තවමත් හුස්ම ගත්තා උණත්,අවුරුදු 18ක් පුරා නොවින්ද තරම් දුක් කන්දරාවක් මේ අවුරුදු 7කට කිට්ටු කාලය පුරා මං වින්දා...අහම්බෙන් ජීවිතේට ආපු අමතක කරන්න බැරි තරම් ලස්සන අවුරුදු 3ක කාලෙට හිලව්ව විදිහට මුළු ජීවිත කාලයක් පුරා දරන්න වෙන පසුතැවීමක් මට උරුම වෙලා තිබුණා...

කවුද හරි කවුද වැරදි... මං හැමදාම හිතුවෙ එයා වැරදියි කියලා..ඉන්න කියද්දි සමාව දෙන්නම් කියද්දි මාව දාලා ගිය එයා වැරදි කියලා...මං හැමදාම හිතුවෙ මගෙ ජීවිතේ සැනසීම අරන් එයා සතුටින් ඇති කියලා...අන්තේටම වැටුණට පස්සෙත් මට නැගිටින්න හිත හදාගන්න පුළුවන් උණේ ඒ නිසා...මොකද මං හිතුවා...මං නැතිව එයා ඉස්සරහට ගියා කියලා...ඉතිං මටත් ඕනා උනා ඉස්සරහට යන්න...යනවාටත් වඩා මට ඕනා උණා ඔප්පු කරන්න...එයාට....ඔප්පුකරන්න ඕනා උණා...එයාගෙ පලි ගැනීම අසාර්තකයි කියලා...ඔප්පු කරන්න ඕනා උණා එයාට මාව වට්ටන්න බැරි උණා කියලා...

ඒත්... අවාසනාවකට වගේ මට වැරැදුණේ එතන...අමාරුවෙන් හරි නැගිටින්න හදපු එයාව පහළටම ඇදලා දාලා තිබුණේ මගෙ ඒ උත්සාහයම වෙලා තිබුණා වෙද්දි ,මං හොඳීන් හිටියත්,එයා හොදින් හිටියෙ නෑ කියන්න සාක්ෂි දැනටමත් ඕනවාටත් වඩා මගෙ ඇස් පනා පිට පෙන්න තියෙනවා...

Remorse 💚❤️ YiZhan Ff 💚❤️ CompleteWhere stories live. Discover now