"ම..ම..ට සො..හොන බලන්න යන්න ඕනා..."
අන්තිමේ අමාරුවෙන් වචන ගැට ගහන් මං කියද්දි එක අතක් ඉස්සරහට ඇවිත් තිබුණ ලොකුම ලොකු බඩ උඩ තියන් අනික් අත කොන්දට තියන් ආපහු පුටුවේ හරි බරි ගැහිලා වාඩි වෙන ගමන් උෂානි මං දිහා බලන් හිටියෙ පුදුමෙන්....
"බලන්න යන්න...බලන්න යන්නෙ මොන සොහොනක්ද අමාන්..!!"
"මං කිව්වේ මට අම්මිගේ සොහොන බලන්න යන්න ඕනා කියලා.."
මං ආපහු කියද්දි උෂානි ලොකු සුසුමක් හෙළලා ආපහු මං දිහා බැලුවා...
"මං දන්නේ නෑ...ඔයාගෙ නොතේරුම් කමද මොකක්ද කියන්න...ඔයා හිතන විදිහට සල්ලි තියෙන මිනිස්සුන්ට වගේ අනික් හැමෝටමත් කොත් හදලා රැක ගන්න සොහොනක් වෙනුවෙන් ඉඩක් මේ පොළවේ වෙන් වෙන්නේ නෑ අමාන්...සොහොනක් හදනවා තියා අඩුම මිණිය දාන්න පෙට්ටියක්වත් තිබිලා නෑ...අඩුම මිණිය හොස්පිට්ල් එකෙන් බාර ගන්න නෑදෑයෙක් දන්න කෙනෙක්වත් ඉඳලා නෑ...බාර ගන්න කෙනෙක් එනකං බලන් ඉඳලා ඉඳලා නැති තැන රජයේ වියදමින් තමා ඒකත් කරලා තියෙන්නේ..."
මට තිබුණ මුල්ම ප්‍රස්නෙ අම්මි කෝ කියන එක වෙද්දි හිනෙන්වත් නොහිතපු පිළිතුරක් ලැබෙද්දී මට දරා ගන්න බැරි උණා...හේතුව විදිහට උෂානි කිව්වේ හාට් ඇටෑක් එකක් කියලා වෙද්දි හිතට දැනුණ වේදනාවත් එක්ක මට ඕන උණේ එයාව බලන්න යන්න...ගිහිං වැරැද්දක් උණා නම් සමාව ගන්න...ඉතිං මට මුලින්ම මතක් උණේ අම්මිගේ සොහොන ගැන වෙද්දි මන් ඒ ගැන අහද්දී උෂානි කේන්තියක් නොරිස්සුමක් එක්ක කවලන් උණ හැඟීමක් එක්ක කියන් යද්දි ආයෙමත් මගේ කඳුලු අලුත් උණේ මටත් නොදැනීම...
"නැන්දා කවදාවත් ඔහොම...ඔයතරම් ඉක්මනින් යන්න බලාපොරොත්තු උණ ගමනක් නෙමෙ ගියේ අමාන්...එහෙම අකාලේ ගියා උණත් ඔයිට වඩා නම්බු පිට යන්න තිබුණා...අර කොල්ලා නිදිමරාගෙන නිදහසක් සැපක් විදින්නේ නැතිව හම්බ කරපු සතයක් සතයක් ගානේ බැංකුවේ ඉතිරි කරලා තිබුණා...නැන්දව සෑහෙන්න ගවූර්ව ඇතිව අවසන් ගමන යවන්න අන්දුට පුළුවන් කම තිබුණා ඕනවාටත් වඩා...ඒත් දන්නේ නෑ කාගෙ අවාසනාවද කියන්න...සල්ලි මුදල් තිබුණත් ඒ මනුස්සයාට අන්තිමේ යන්න උණේ කාත් කවුරුත් නැති අනාතයෙක් හිඟන්නෙක් විදිහට...සොහොනක් තියා වළලපු තැන් වල ගසුත් පැලවෙලා ඇති..ඒ නැතත් එතන තව මිනිස්සු ගාණක් ආයි ආයි වළලා ඇති...සොහොන් කොතක් ඇතිව හෝ නැතිව ගිය මනුස්සයා ගියා කියමුකො...ඒත් නැන්දා ගිහින් තිබුණෙ ඔයා නිසා නැති වෙවී තිබුණ අර කොල්ලගේ සිහි කල්පනාව සම්පූර්ණයෙන්ම අරගෙන..."
ΔΙΑΒΑΖΕΙΣ
Remorse 💚❤️ YiZhan Ff 💚❤️ Complete
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...