විනාඩි පැය වේගෙන් ගෙවිලා යද්දී අන්තිමේ බත් ටිකකුත් කාලා අපි දෙන්නා කාමරේට එද්දී 11ත් පහුවෙලා...එයා දැනටමත් කාලා හිටියා වෙද්දි එයා උදේට කන්නත් එක්ක උයලා තිබූණු නිසා තව බත් ඉතිරි වෙලා තියෙද්දී මං එයාටම කියලා බත් ටිකක් කවා ගත්තා.එයා අල තෙල් දාලා තිබුණා වෙද්දි,එහෙට මෙහෙට වෙවී එයා විනාඩියට දෙකට බිත්තරේකුත් බැදලා,රතු ලූණු ගෙඩියකුත් සුද්ද කරන් බතුත් බෙදන් එනකං එතන තිබුණ ඇඳෙන් හාන්සියකුත් දාගෙන මන් බලන් හිටියෙ අමුතුම හැඟීමක් හිත පුරා නලියද්දි...මට හැමදාම ඉන්න ඕනා මේ වගේ...එයත් එක්ක..
මහ දෙයක් නැතත්,එදා කාපු රස බත් එක තරමටම කෑම පුදුම තරම් රහ වෙද්දි මට එයා ගැන දැනුණේ මහ පුදුම හැඟීමක්...මට නම් බිත්තරයක් තරම්වත් බැද ගන්න බැරි වෙද්දී එයා උයන්නත් දන්නවා...ලොකු දේවල් නොදන්නවා ඇති... ඒ උනාට ඉතිං එක මාලුවක් හරි මේ වගේ රසට උයා ගන්න පුළුවන් උණත් මදැයි හදිසියකට..අම්මිගේ අත් ගුණේ එයාටත් ඇවිත් ඇති...ඇද උඩම එරමිණියා ගොතන් වාඩිවෙලා එයාගෙ අතින් බත් එක කන ගමන් ඇස් වලින් එයාවත් ගිලලා දාපු මං,දංකුඩේවත් ඉතිරි නොකර බත් මුට්ටිය හිස්කරලා දැම්මෙ එයා ඇස් දෙකේ කඳුලු පුරවා ගද්දී...දංකුඩත් හරි රහයි අප්පා...දැක්කෙත් අද...
"හිටි ගමන් ආව නිස ඔයාට හරියට කන්නවත් දෙන්න විදිහක් නෑ අමාන්.."
එයා කියෙව්වෙ බත් මදිවෙල අඩුවට එයා දීපු ලොකු වතුර ජෝග්ගුවත් මං එක හුස්මට බීලා දාද්දී...
"හරියට නෑ කියන්නේ මොකක්ද මැණික...රසයි නම් බඩ කට පිරෙන්න කෑවා නම් මිට වඩා මොනාද.."
"ඔයාට මදි..."
"මදි තමා ඉතිං...රස නිසා..."
මං කිව්වෙ කට කොණක් හපන් එයාට ඇහැකුත් ගහලා වෙද්දි එයා රතුවෙලා යද්දි....පිඟානෙත් අරන් කලබලෙන් නැගිටලා ගියා...
VOUS LISEZ
Remorse 💚❤️ YiZhan Ff 💚❤️ Complete
Fanfiction🥀🥀🥀🥀🥀🥀🥀 FF/NonFf හදිසියෙන් යද්දී ඔබ දුරට මාගෙන් දුටුවාද කඳුලු දෑසේ ඒ ආදරයයි මා පැතුවේ ඉක්මනින් එන්න මා කීව වචනේ ඇයි නෑසුනා වාගේ තනිකම විතරක් ඉතිරි කළේ මේ පපුවේ ගිනි දැල්වේ එක මොහොතක් ඉන්නට බෑ ඈතින් පෙර වාගේ ඔය තුරුලේ තව මොහොතක් ඉන්නට බෑ ආයෙත්...