🥀57.නුඹ යන්නම යන්නම යනවානම්... 🥀

522 101 114
                                    

ලැබුණ ආරංචියත් එක්ක මං කාර් එක හැටට හැටේ පෑගුවා... හිතේ තියෙන නොසන්සුන්කමටම මට දැනුණේ අඩියටම පැගුවත් රෝද එක තැනම කැරකෙන බවක් වෙද්දි මගෙ පපුව එළියට පනින්න තරම් වේගෙකින් ගැහුනා...දෙවියනේ මං එකම එක විනාඩියක් පරක්කු උනොත්...එයා සදටම වෙන කෙනෙක්ගෙ වෙයි...එයා..එයා දන්නේ නෑ...මං තාමත් එයාට ආදරෙයි කියලා...එයා දන්නෙ නෑ මං එයාව හොයන් ආපහු ආවා කියලා...

කාලෙකට කලින් එයත් එක්ක ඇවිත්ම හුරු පුරුදු පාර දිගේ අනුරාධපුර, නුවර වැව අයිනක තිබුණ හොටෙල් එකට මං ආවේ අද ඊයෙක ඇවිත් පුරුදු ගාණට...ආව වේගෙන්ම car එක පාර්ක් එකට දැම්ම මං හොටෙල් එක දිහාවට දිව්වේ පිස්සුවෙන් වගේ...අද හොඳ නැකැත් දිනයක් නිසාදෝ,වාහන වලින් ඇවිත් බහින මේකප් තට්ටු උලන් සාරි පටලන් ගවුම් කෑලි ඇදන් ඉන්න ගෑණු අය වගේම සූට් බූට් ගහපු පිරිමි අයත් මගෙ පපුව පුච්චන ගමන් මගෙ ඇස් කොණට පෙනෙද්දී ගෙදරට ඇදන් හිටපු ඇඳුම් පිටින් දුවන් ආපු මං reception එකට දිව්වේ කලබලෙන්...මගෙ උඩ ඉඳන් පහලට පලපු receptionist මං අහපු විස්තර කියන්න අදිමදි කරද්දි කේන්තියෙන් කෑ ගහපු මං මගෙ හොස්පිට්ල් id එකත් පෙන්නලා
මට යන්න ඕනා තැන අහගද්දී හොටෙල් එකේ ගාඩ්ලා දෙන්නෙකුත් පස්සෙන් දුවන් එද්දී මං හොටෙල් එක ඇතුලට දිව්වා..

කියාපු මග සලකුණු ඔස්සේ දුවන් ආපු මං වැව අයිනෙ විව් එකකට විවුර්ත උණ ආර්ච් එක ළඟ නැවතුණා...

Welcome to our wedding

Dhanu and A...

ඉස්සර මේ හොටෙල් එක දිහා බලන් අත් අල්ලන් අපි අපෙ වෙඩින්ග් එක ප්ලන් කරපු හැටි මට මතක් උණා...වටපිටාවේ සැරසිලි දැක්කම හිතුණේ කෙනා වෙනස් උණත්..එයා ඉස්සර ආස විදිහටම හැමදේම ලෑස්ති කරලා...ඒත් අද එයාගෙ නම ළඟින් මගේ නම වෙනුවට මගේ හොඳම යාලුවගේ නම ලියවෙලා...

එතනම තිබුණ බොර්ඩ් එකට ඇස් යොමු කරන ගමන් ආව තැන හරිද කියලා බලන ගමන්ම මං ඉස්සරහට දිව්වා...

"......වන මම..ධනුජය වීරක්කොඩි යන අයව මගෙ ස්වාමි පුරුෂයා වශයෙන් බාර ගන්නා බවට දිව්රා පොරොන්දු වෙමි...."

නැවතුණා ආව වේගෙන්ම මං නැවතුණා...මං..මං පරක්කුයි...හිටි තැනම මං ගල් ගැහිලා බලන් ඉද්දී බොඳ උණු ඇස් වලට උණත් ඒ ඇගිල්ට වැටුණ මුද්දෙ දිස්නෙ මගෙ මුළු පපුවටම පණ පිටින් ඉද්දී ගිනි ඇවිලුවා...

Remorse 💚❤️ YiZhan Ff 💚❤️ CompleteWhere stories live. Discover now