🥀9.ඔය ඇස් කතා කරනවා 🥀

751 143 159
                                    

"දෙවියනේ මේ..."

මං දිග ඇරපු පොත දිහා බලන් හිටියේ පුදුමෙන්....ඔව් ඔයාලා හරි.....එයා note එක ලියලා.....ඒ ලස්සන පුංචි අකුරු....මුතුකැට වගේ....ප්‍රින්ට් කරලා වගේ ලස්සනයි.....මගෙ ඇගිලි තුඩු ඒ අකුරු උඩින් ගියේ නොදැනීම.....මං කලින් ලියලා තිබුණා වගේම ඒ පාට වලින්ම මාතෘකා විශේස කරුණු හැමදෙම වෙන් කරලා ලියලා තිබුණා.
එක තප්පරෙකට...මට මාවම අමතක උණා වගේ...එයා දිහා බලන්න ඕනා උණත්...මොහොතකට කලින් හිතපු දේවල් එක්ක හිතට දැනුණේ පුදුමාකාර වැරදිසහගත හැඟීමක් වෙද්දී ඔළුව උස්සන්න බැරි කමට....මට ඕනා උණේ ඒ පුංචි මුතු කැට අතරෙ අතරමං වෙන්න....පිටුව දිගේ පහලට ආපු මගෙ ඇගිලි note එක කෙළවරෙ නැවතුණා....note එක අවසානේ පුංචියට පැන්සලකින් ලියපු අකුරු ටිකක්.....

"අන්දු අභිලාශ්.......... අන්දු.....ඔව්....එයා අන්දු......අන්දු........මගෙ අන්දු.........."

ඒ නම මුලින්ම කියවෙනවත් එක්ක....මට දැනුණේ හදවතම පිරිලා ගියා වගේ හැඟීමක්.....අනේ මට එයා දිහා බලන්න ඕනා....ඒත් ටිකකට කලින් මං හිතපු දේවල් ඇහුණා නම් එහෙම......ඉස්සෙල්ලා එයා හිනා උණු හැටි මට මැවිලා පෙනුණා....හොරගෙඩියා වගේ දඟ වැඩ කරලා හිනාවෙලා.....අනේ දෙවියනේ....ආයිමත් මගෙ පපුව රිදිලා ගියා...අනේ නිකං හරි හදිසි වෙලා....මං ඒ වචන කටින් පිට කරානම් එහෙම....ඇ ස් දෙකත් එක්ක බොඳ වෙලා යද්දී මොහොතකට එයා මෙතන ඉන්නවා කියන එකත් අමතක උණු මං දකුණතින් පපුව මිරික ගන්න ගමන් ඇස් පියාගෙන හොඳ හුස්මක් ගත්තෙ මාවම පාලනේ කරගන්න....

"අ... මා....න්....."

හීනෙන් වගේ ඇහුණු ඒ කටහඩත් එක්කම පපුව උඩ තිබුණු මගෙ අත උඩින් එයාගෙ අත තද වෙද්දී මං එයා දිහා බැලුවේ ගැස්සිලා....එයා...එයා කතා කරේ මටද....මගෙ නම....ආ පොත් වල තිබුනනේ...එයාගෙ කටින් මගෙ නම ඇහෙද්දීත් මොකදෝ වගේ....කවදාවත් නොවිදපු නොහැඟුණු හැඟීම් වලින් එයා මුළු හදවතම පුරවන්න අරන්...

"අපි පස්සෙ කතා කරමු හොඳද...අදවත් පාඩම අහගන්න....හැමදාම මඟ අරින්න බෑනෙ..."

එයා කියද්දි මට දැනුණේ හරියට මගෙ මමා කතා කරනවා වගේ....ඒ වචන මායාවක් වගේ වෙද්දී මට දැනුණේ මං නිකංම අවනත වෙනවා වගේ....හෙමිහිට ඔළුව හොලවපු මං හුගාක් අමාරුවෙන් පාඩමට හිත යොමු කරන්න උත්සාහ කරේ කලින් එයා හිනාවෙද්දී එයාගෙන් ඈත් වෙන ගමන් මං හදපු ඉඩ ඒ වෙලාවේ තිබුණාටත් වඩා අඩු කරන ගමන්....ඉතිං ආයෙත් හිනා වෙනවා....ඕ...මේකා....ඒ කොලොප්පම් හිනාව මාව පණ පිටින් මරවයි වගේ....

Remorse 💚❤️ YiZhan Ff 💚❤️ CompleteWhere stories live. Discover now