Episode 03 👣

44 6 4
                                    


                        යීබෝ ගිහින් බයික් එක නතර කරනකොටම කිරෙන් යීබෝට ඉක්මනින් පැමිණෙන ලෙස අතින් සන් කලා. යීබෝත් ඉක්මනින් ම ගියේ ගගාව බලන්න තිබුන හදිසියටමයි.

         " පුතේ.. ශාන් පුතත් මේ ආවා විතරයි"

                                                                 කිරෙන් කිව්වත් යීබෝ ට ඒකට උත්තර දෙන්නවත් සිහියක් නැතුව තමයි හිටියේ...

" අනේ ගගා දැන්වත් කාර් එකෙන් බහින්නකෝ..... 😑"

යීබෝ හිත හිත ඉන්නකොට ශාන් කාර් එකෙන් බැස්සා. යීබෝ ට හිතාගන්නවත් බෑ එයාගෙ ඇස් ලොකු වෙලා කටත් ඇරිල 😮

         " බෝ.... ආෆ්ටර් ලෝන්ග් ටයිම් හව් ආ යූ?" 💚

ශාන් අහපු දේවත් යීබෝ ට ඇහුනේ නෑ. ඉතින් ශාන් යීබෝ ගේ ලඟටම ඇවිත් යීබෝ ගේ නිකටින් අල්ලලා කට වැහුවා. එතකොට යීබෝ

          " වෙයි යින්ග් ඔයා එහෙනම් ආවා. අය නම් මාව දාලා යන්න එපා "❤
               කියලා මිමිනුවත් ඒක ශාන්ටවත් ඇහිලා නෑ.

         " බෝ මහන්සි අනේ මට ඇතුලටවත් එන්න කියන්නේ නැද්ද?"  💚
එතකොට තමයි යීබෝ ට මතක් උනේ එයාලා තාම එලියේ ඉන්නේ කියලා.
              " ගගා ලෙට්ස් ගෝ. අපි මොනවහරි බීලා වොෂ් එකක් දාගෙන ඊට පස්සේ ලන්ච් එක ගමු."
                                                             යීබෝ එහෙම කියනකොට ම ශාන්, යීබෝ ගේ අතින් ඇදගන බංග්ලෝ එක ඇතුලට ගියේ නැනි අම්මා හදන කෑම වල රස බලන්න ගොඩක් කාලෙකින් බැරි උන නිසයි.😋

               " නැනි අම්මා ඔන්න මං ආවා. " ශාන් කෙලින්ම ගිහින් නැනි අම්මාව බදා ගත්තා ඒත් යීබෝ ට නම් ඒකට ඉරිසියා හිතුනා.
              "ලොකු බේබි නම් ඉස්සර වගේමයි. පොඩ්ඩක් වත් වෙනස් වෙලා නෑ.. ඉන්නකෝ මං බේබිලාට බොන්න මොනවහරි හදන්නම්"

ශාන් ඉස්සර වගේමයි යීබෝ ලඟින් ඉඳගන එයාගෙ කැම්පස් එකේ විස්තර කියවන්න පටන්ගත්තා..
                                                                                         "ඔහ් ගෝඩ් මගේ ඩ්‍රීම් එකේ ඉන්න ප්‍රින්ස් දැන්  මගේ ඇස් ඉස්සරහම... වට් අ මිරකල්. ගගා මෙච්චර ලස්සන උනේ කොහොමද? ඒන්ජල් කෙනෙක් වගේ. ඇස් දෙක 😍 ලිප්ස්... ඔහ් අයි තින්ක් අයි ඈම් ගෙටින් මෑඩ්"
                                           යීබෝ කටත් ඇරගන ශාන් දිහා බලන් කල්පනා කලේ ශාන් ගේ ලස්සන ගැනයි.
                                       "ඒත් මේ සැරේ නම් මාව දාලා යන්න එපා වෙයි යින්ග් 😥"
                           " බෝ... හූ ඊස් වෙයි යින්ග් ? ඇයි එයා ඔයාව දාලා යන්නේ? ඒ ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ද ? "  ශාන්ගෙන් ප්‍රශ්න කෝටියක් විතර යීබෝ කිව්ව දේ ශාන්ටත් ඇහිලා.

Foot print in the GuzuWhere stories live. Discover now