Episode 10👣

49 6 14
                                    

                         යීබෝ ගේ කෑගැහිල්ල ඇහුන ශාන් ඉක්මනින්ම ඒ පැත්තට ගියේ හිතට දැනුන බයත් එක්කමයි. ශාන් යීබෝ ඉන්න තැනට යනකොට කවුරුහරි කෙනෙක් ලග දණගහගන හිටියා ශාන් එතනට ලං වෙලා බැලුවේ යීබෝ ට ඉස්සරහින් ඉන්නේ කවුද කියලා බලන්න ඕන නිසයි.

                           පොඩි ලමයෙක් යීබෝ ඉස්සරහින් හිටියා ඒත් ශාන්ට ඒ ලමයගේ ඇස් වලත් කලින් වගේම වෙනසක් පෙනුන නිසා යීබෝ ගේ අතින් ඇදලා එයාගේ පැත්තට ගත්තත් අර ලමයගේ මූණේ නම් පොඩි වෙනස්කමක් වත් උනේ නෑ. ඒත් යීබෝ නම් කට ඇරගන මොනව හරි කියන්නයි හැදුවේ.... ඊට කලින් ශාන් දබරැඟිල්ල යීබෝ ගේ තොල්පෙති උඩින් තියලා මූණ ලගට ලන් උනා.

" දැන් ගිහින් වොෂ් එකක් දාගන්න මැණික අද මට ලොකු වැඩක් කරන්න තියනවා මගේ පැටියා එක්ක.."
             
              ශාන් යීබෝගෙ කන්පෙත්තක් හිමින් හපනකොට යීබෝ ශාන්ගේ තොල්පෙති අල්ලගන්න හැදුවත් ශාන් ඒකට ඉඩ නොතියා යීබෝ ව වඩාගත්තා. ශාන් මේ හැමදේම කලේ යීබෝ ගේ අවධානය එයා ලගට ගන්න ඕන නිසයි..

        ඒත් ශාන් දිගටම අර ලමයා දිහා බලාගනමයි හිටියේ. ඒ ලමයා තවමත් කලින් හිටිය වගේමයි මූණේ වත් කිසිම වෙනසක් නෑ ශාන් ආයේමත් කල්පනා ලෝකයේ පියඹන්න පටන් ගත්තත් යීබෝ ට වෙනසක් පෙන්නන්න බැරි නිසා යීබෝවත් තුරුලු කරගන ඇතුලට ගියා.

                             ඒක පිටතින් පේනවට වඩා ටිකක් ලොකු බංග්ලෝ එකක් ඉතින් ශාන් යීබෝවත් තුරුලු කරගනම ගියේ රූම් එකටයි. යීබෝ ව ඇද උඩින් තියපු ශාන් වොෂ් රූම් එකේ ටබ් එකට උණුවතුර පිරෙව්වේ දෙන්නටම වොෂ් එකක් දාගන්න ඕන නිසයි.

              ශාන් ආපහු යනකොට යීබෝ ඇද උඩ හිටියේ නැති නිසා ශාන්ගේ හදවත එකපාරටම නතර උනා. ආව වෙලාවේ ඉදන් හිතට දැනුන දේවල් නිසාම එහෙම වෙන එකත් සාධාරනයි. ශාන් පිස්සුවෙන් වගේ කාමරේ පුරාම හෙව්වේ යීබෝව එතකොට තමයි ශාන්ට රූම් එකෙ බැල්කනි එක පැත්තෙන් මුමුණන සද්දයක් ඇහුනේ. ශාන් ඉක්මනින්ම ඒ පැත්තට ගියේ ඒ යීබෝ කියලා හිතුන නිසයි. ඒත් ශාන්ට බැල්කනියෙන් කිසිම කෙනෙක් හොයාගන්න පුලුවන් උනේ නැ. ඒත් එක්කම මුමුණන හඩ අඩු උන නිසා ශාන් පහලට දුවගන ගියේ යීබෝ පහලට ගිහින් කියලා හිතුන නිසයි.

Vous avez atteint le dernier des chapitres publiés.

⏰ Dernière mise à jour : Mar 28, 2023 ⏰

Ajoutez cette histoire à votre Bibliothèque pour être informé des nouveaux chapitres !

Foot print in the GuzuOù les histoires vivent. Découvrez maintenant