Episode 06 đŸ‘Ŗ

37 6 8
                                    

" ලොකු බේබි..... චූටි බේබි....... කන්න එන්නේ නැද්ද ඔයාලා දෙන්නා...."

අහ් ඒ නැනි අම්මා කෑගහන සද්දෙයි, මේ දෙන්නට කන්නවත් මතක තිබිලා නෑ. කොහොම හරි දෙන්නටම පහලට එන්න උනේ මේ වෙලාවටම ඩිනර් ගන්න ඕන නිසයි. ටේබල් එකෙන් ඉඳගන්න ගමන් ශාන් කිරෙන් දිහා බැලුවත් කිරෙන් නම් වැඩිය මූණ දුන්නේ නෑ.. මොකක් හරි ප්‍රශ්නෙකින් ඉන්නවා කියල තමයි ශාන්ට නම් හිතුනේ.

" කොහෙද ඉතින් බුම්මං ඉන්න විදිය දැක්කම මුකුත් අහන්න හිතෙන්නෙත් නෑනෙ..😒"  තමන්ටම මුමුණගත්ත ශාන් කෑම කන්න පටන් ගත්තා.

කෑම කාලා ඉවර වෙලා දෙන්නම නිදාගන්න ආවේ රූම් එකටයි. යීබෝ ට ශාන් එක්කම ඉන්න ඕන කිව්වට ශාන්ගේ හිත කිව්වෙම ඒකෙන් යීබෝ ට  කරදරයක් වෙයි කියලයි. එහෙම හිත හිත ඉන්නකොට තමයි යීබෝ ඇවිත් එකපාරටම ශාන් ගේ කරට පැන්නේ...

" බෝ.... මං දෙයක් කියන්නද ඒත් කලබල වෙන්න නම් එපා..."
     
               ශාන් එහෙම කියලා දවල් කිරෙන්ගේ දුරකථන සංවාදය ගැන යීබෝ ට පැහැදිලි කලා. ☎️

" ගගා ඒක ඇහුවම මට නම් හිතෙන්නේ අංකල් කාගෙන් හරි මාව ආරක්ෂා කරනවා කියලයි. "

" ඔව්.. බෝ ඒක නම් හරි. ඒත් අපි දැනගන්න ඕන ඒ කාගෙන්ද කියලා. මොකද මට නම් හිතෙන්නේ අද දවල් ෂූට් කරපු සිද්ධියත් මේකට සම්බන්ධයි කියලා.🤔 මෙහෙම ගියොත් ඔයා තනියෙන් එලියට යන එකත් මේ වෙලාවේ safe නෑ... බෝ මට කියන්නේ නැතුව ඔයා කොහෙවත් යන්න බෑ හරිද...?"

                   ශාන්, බෝව promise කරගත්තා. ඉතින් යීබෝ කිව්ව විදියට එයා අද ශාන්ගේ රූම් එකේ තමයි නිදාගන්නේ.. යීබෝ නම් පුදුම සතුටකින් තමයි ඉන්නේ. 🤗

යීබෝ ඇවිත් පුටුවේ ඉදගන හිටිය ශාන් ගේ ඔඩොක්කුවට පැන්නේ පොඩි බබෙක් වගේ. කකුල් දෙක බිමට එල්ලගන පද්දන ගමන් ඔලුව ශාන්ගේ පපුවට තද කරන් යීබෝ ශාන්ට තව තවත් තුරුල් උනේ හා පැටියෙක් වගේ.

"බෝ... මොකද මේ ආ.... "  🧐
                                   ශාන් ඇහුවේ යීබෝ ව යන්තම් කොනිත්තන ගමන්.

💚" අනෙ ගගා.... ඔයා මාව දාලා යන්නේ නෑ නේද...?." 😞
❤"ඇයි බෝ ඔයා එකපාරටම එහෙම දෙයක් අහන්නේ.. ?"
💚" ගගා මට බය හිතෙනවා අර මං දකින dream එක real වෙයි කියලා. "

Foot print in the GuzuOnde histÃŗrias criam vida. Descubra agora