Episode 08👣

25 6 11
                                    

  

                යීබෝ rest room එක පුරාම ශාන්ව හෙව්වා. ඒත් ශාන් පේන්නවත් හිටියේ නැති නිසා යීබෝ ප්‍රේක්ෂකාගාරය පැත්තට ගියේ ශාන් එහෙවත් ඉන්නවද බලන්නයි. එත් ඒ පැත්තෙත් ශාන් නොහිටි නිසා යීබෝ හොදටම කලබල උනා. ශාන්ට call එකක් ගන්න යීබෝ phone එක අතට ගන්නකොටයි දැක්කේ ශාන්ගෙන් මැසේජ් එකක් ඇවිත් කියලා. 

✉️ යීබෝ මට පොඩි හදිසියක් වෙලා එලියට ආවා. මං දාලා තියන location එකට ඔයා එනවද... ✉️  

"ගගා මට කවදාවත් යීබෝ කියලා කතා කරන්නේ නැහැනේ ඇයි මේ කවදාවත් නැතුව. ගගාට මොකක්ද එකපාරට ආව හදිසිය.  මං එනකම් ඉන්න තිබුනේ නැද්ද...🤔 හරි කමක් නෑ ගිහින්ම බලනවා... "

                                                        තමන්ටම කියාගත්ත යීබෝ ශාන් එව්ව location එකට යන්න පිටත් වෙනකොටම තමයි එයාගේ නම announce කලේ. යීබෝ ගේ winning trophy එක ගන්නයි ඒ. ඒත් යීබෝ ට මේ වෙලාවේ මේ හැමදේටම වඩා වටින්නේ ශාන් නිසා එයා බයික් එකට නැග්ගේ ශාන් ලගට යන්න හිතාගනයි. ශාන් එවලා තිබුන location එක කැලෑ පරක් දිගේ තමයි තිබුනේ. ඒ පැත්ත ටිකක් පාලු ගතියක් ගත්ත නිසා යීබෝ ගේ සැකය වැඩි වෙන්න පටන්ගත්තා.
                    
"ගගා මොනවා කරන්නද මේ වගේ පැත්තකට ආවේ අනික මොකක්ද තිබ්බ හදිසිය. මං එනකම් ඉන්න තිබුන නෙහ්. හරි මෙච්චර දුර ආව එකේ ගිහින්ම බලනවා. "
                                                                 යීබෝ තමන්ටම මුමුණගත්ත. 

👉මෝටර් ක්‍රොසින්ග් රේන්ජ් එක👈

වන්ග් යීබෝ...... is the winner of this tournament.. come and get your trophy..💚  වන්ග් යීබෝ... වන්ග් යීබෝ...

"අහ් මේ බෝට නේද කතා කරන්නේ මෙයා කොහේ ගිහින්ද. .? ඇයි trophy  එක ගන්න නොඑන්නේ. යන්නේ කොහෙද කියලවත් මට කිව්වේ නැහැනේ. ෂිට් වෙලාවට පෝන් එකත් නැහැනේ. කොහේ වැටුනද මංදා...😖"

තමන්ටම කියාගත්ත ශාන් ගිහින් යීබෝ වෙනුවට එයාගේ. Trophy එක ගත්තා. යීබෝ ට උනේ මොකක්ද කියලා බලන්න ඕන නිසා ශාන් ගියේ rest room එක පැත්තට.. එතන යීබෝ හිටියේ නැති උනාට චාඕ නම් හිටියා.

" ආහ්.... කෝ උබේ වන්..ග්.. යී..බෝ..  දැන් උබව බේරගන්න ඌ නෑනේ අපි බලමු කවුද උබව මගෙන් බේරගන්න එන්නේ කියලා.."

Foot print in the GuzuWhere stories live. Discover now