Episode 04 👣

43 7 8
                                    

බෝව පපුවට තද කරගෙනම ශාන් එයාගෙ කතාව කියන්න පටන් ගත්තා.
"බෝ මං මෙහෙන් ගියේ කිසිම කැමැත්තකින් නෙමෙයි. මට ඔයාව දාලා යන්න ඕන උනේ නෑ. මමාගේ බල කිරීම හින්දමයි මං ගියේ. මං එහේ සතුටින් නෙවෙයි හිටියේ. අයි මිස් යූ සෝ... මච්....."
                                    ශාන් බෝව තව තවත් තුරුල් කරගත්තේ ඇත්තටම ශාන් ගෙ හිතේ බෝ ගැන තියන ආදරේ නිසාමයි. 

           " ඒත් බෝ ඔයාගේ මමායි ඩඩායි ඇක්සිඩන්ට් උනා කියලා කිව්වට පස්සේ මගේ මමා මං ගැන ගොඩක් වොරි වෙන්න පටන් ගත්තා මාව කෙයා කරන්න පටන්ගත්තා. මට තේරුණා මොකක් හරි ප්‍රොබ්ලම් එකක් තියනවා කියලා."
                  "ගගා! ඔව් අංකල් උනත් මං ගැන ගොඩක් වොරි වෙනවා මට නොදැනුවත්වම මාව ෆලෝව් කරනවා. ඔයා එන්න කලින් දවසේ එයා කාත් එක්කද කතා කලා. මට හිතෙන්නේ ඒ කතා කලේ අපි දෙන්නා ගැන කියලයි."

"හ්ම්ම්.. බෝ අපි දෙන්නා නොදන්න මොකක් හරි දෙයක් තියනවා. ඒක හොයන්නම ඕන. මොනව උනත් ඔයා කෙයාෆුල් වෙන්න ඕන. බෝ දන්නවා ද මට එංග්ලන්ඩ් වලදි ඔයාව ගොඩක් මතක් උනා.... බෝ අහන්නකෝ..." ශාන්ගේ කතාව අහගන හිටිය යීබෝ ට ශාන්ගේ තුරුලෙම නින්ද ගිහින්.. ශාන් හිමීට යීබෝ ගේ හිස පිරිමදින්න පටන් ගත්තා.....
                                  " ලං චාන් මගේ මැණික මට ඔයාව අමතක නෑ මං එහෙම ඉන්න එක අපි දෙන්නටම හොඳයි. ඒ වගේම ඔයයි මමයි කවුද කියන එකත් අපි දෙන්නා විතරක් දැනගත්තම ඇති.මං ඔයාට කොහොමත් ආදරෙයි ඔයාට නින්දෙන් වද දෙන ඩ්‍රීම් එක අද ඉදන් පේන්නේ නැති වෙයි. මොකද ඔයාගේ වෙයි යින්ග් ඔයා ලඟින් ම ඉන්නවා ඔයා මාව හැමදේකින්ම ආරක්ෂා කලා වගේ.. මේ ආත්මෙ මං ඔයාව ආරක්ෂා කරනවා ඒ වගේම අපි දෙන්නා මේ ආත්මෙ එකතු වෙනවමයි.."

                                  යීබෝ ට ඇහුනේ නැතත් ශාන් යීබෝ ට උන පොරොන්දුව නම් ලේසියෙන් අමතක කරන්න පුළුවන් දෙයක් නම් නෙමෙයි.
                               කාලය තත්පර විනාඩි බැගින් හෝරා කීපයක්ම ශාන්ගේ උණුසුමේ යහමින් සැතපි සිටි යීබෝ ඇස් අරින විටම දුටුවේ තමන් දෙස බලා සිටින ශාන්වයි.. යීබෝ නිදා උන් කාලය පුරාවටම ශාන් යීබෝ ගෙන් ඇස් අහකට ගත්තෙම නැත්තේ හැම තත්පරයක්ම විඳගන්න ඕන නිසයි.
                     " ඕ.... ගගා ඇයි ඔයා මං දිහා ඔහොම බලන් ඉන්නේ... අයි ඈම් ෆීලින්ග් ශයි." යීබෝ එහෙම කියනකොට ශාන් එයාගෙ රවුම් බෝල ඇස් යීබෝ ගේ මූණ ලඟටම ගෙනත් උණුසුම් සිපුමක් නලලට දුන්නේ " අයි නෙවර් ලීව් යූ.. මං ඔයාට ආදරෙයි බෝ."  කියමිනි. යීබෝ ගේ කම්මුල් කන්පෙති රෝස පැහැ වන තෙක් ශාන්ගෙන් ලැබුණ හාදු වැස්සට තෙමි තෙමී හිටිය බෝ ශාන් ගේ දෙතොල් හා පැටලුනේ හැඟීම් පාලනය කරගෙන සිටින්නට බැරිම තැනයි. උතුරා නැගෙන හැඟීම් සිපුම් රිදුම් අතරින් අනන්තය සොයා යද්දී මේ ආත්ම සහකරුවන්  දෙදෙනා ඔවුන්ගේ ලෝකයේ තනි වෙද්දී ඔවුන්ටත් නොදැනීම ඔවුන් වටා සිටින සතුරන් සැලසුම් කලේ කෙසේ හෝ ජීවිතයක් විනාස කර දමන්නටයි.
             💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚

Foot print in the GuzuWhere stories live. Discover now