Episode 09👣

26 5 10
                                    

දිනකට පසු 👉
යීබෝ ගේ සෞඛ්‍ය තත්වය හොද උන නිසා ඉක්මනින්ම discharge කලා. කිරෙන් එවල තිබුන කාර් එකෙන්ම දෙන්නා කෙලින්ම බංගලෝ එකට ආවා. කාර් එකෙන් බහින්න කලින් ශාන් යීබෝ ගේ ඇස් රෙදි පටකින් බැද දැමුවා.

" අනේ ගගා ඇයි මේ...."

"හරි බෝ මැණික මං ඔයාට කියන්නම් ටිකක් ඉවසන්නකෝ..."

යීබෝ ව රැගෙන ආ ශාන් යීබෝ ගේ ඇදුම් එකිනෙක ඉවත් කරන්න පටන්ගත්තා. ඒ වෙනුවට සුදු පැහැ ඇදුමක් යීබෝ ගේ ගත දැවටූ ශාන් යීබෝ ගේ හැඩ බලන්න පටන්ගත්තා.

"හරි මගේ බෝ මැණික මං එනකම් චුට්ට වෙලාවක් ඉන්න හැබැයි ඇස් අරින්න නම් එපා..."

යීබෝ ගේ තොල යාන්තම් හපමින් ශාන් කී දෙයට යීබෝ ඔලුව වැනුවා විතරයි.

ටික වෙලාවකින් ආ ශාන් යීබෝගෙ අතින් අල්ලා ගෙන යන්න පටන්ගත්තා.

" අනේ ගගා අපි මේ කොහෙද යන්නේ... මට කියන්නකො ගගා.. අනේ හැබැයි මං ඇස් අරිනවා "

" අවුෂ්..... බෝ මැණික තව චූටි වෙලාවක් ඉන්නකෝ පැටියෝ "

ටික දුරක් ආ ශාන් යීබෝ ව ඔසවා ගත්තා.

" බෝ පැටියෝ දැන් ඇස් අරින්න පුලුවන් ඔයාට...."

දෙඇස් බැදි රෙදි පට ගැලවී යද්දී දැක්ක දෙයින් යීබෝ ගේ කටත් ඇරුනා.

"වාහ්... ගගා මෙතන ලස්සන..." 😍

යීබෝ ගේ බංගලෝ එක පිටිපස්සෙ තිබුන ලේක් එක අද හරිම ලස්සනට පෙනුනා. වතුරේ ඉදිකර තිබූ විවාහ ගිවිස ගැනීමේ මණ්ඩපය සුදුපැහැ නැවුම් මල් වලින් සරසා තිබුනා. යීබෝ ඇද සිටි ඇදුමද එතනට මනාව ගැලපී තිබුනා. යීබෝ ව බිමින් තැබූ ශාන් මල්පොකුරක් ගෙන යීබෝ අත තැබුවා. ලැජ්ජාවෙන් මුහුන රතු කරගත් යීබෝ ශාන්ගේ දෑතේ පැටලුනේ අතුරා තිබූ මල්පෙති මතින් යන ගමනුයි. කිරෙන්ගේ සිතේ කුමක් ඇත්දැයි සිතන ගමන් යීබෝ කිරෙන්ගේ මුහුණ බැලුවේ ටිකක් බයෙන් වගේ.

"අංකල් මොනවා හිතනවද දන්නෑ. මේ හැමදේම අංකල් දන්නවද ? ගගා මෙහෙම හිනාවෙලා ඉන්නේ කිසිම ප්‍රශ්නයක් නැති නිසා වෙන්න ඇති කමක් නෑ.. ගගා මං එක්ක ඉන්නව නෙහ් ..."

Foot print in the GuzuWhere stories live. Discover now