Episode 05 👣

36 7 8
                                    


                      කතාවෙන් කතාව දෙන්නම දැන් වෝටර් ෆෝල් එක ලගටම ඇවිල්ලයි හිටියේ.
                                " වා.....ව් ගගා මෙතන නම් හරිම ලස්සනයි.  ඔයාට හිතෙන්නේ නැද්ද අපි කලින් මෙතනට ඇවිත් තියනවා කියලා."  
                               " බෝ මං කොහොමද ඔයාට මට දැනෙන දේවල් කියන්නේ. මට ඕන ඔයා ආරක්ෂිතව ඉන්නවා දකින්නයි. " ශාන් තමන්ටම කියාගත්තේ ඒ කිසිම දෙයක් යීබෝ දැනගන්න ඕන නැති නිසයි.
                                          ඒ මොනව උනත් ශාන් හිටියෙ වටපිටාව ගැන පුදුම තරම් සෝදිසියකින් මොකද කලින් එයා දැකපු ඡායාව මනුස්සයෙක්මයි කියලා ශාන්ගේ හිත දිගටම කිව්ව නිසා.
                     යීබෝ ගලක් උඩ ඉදගන කකුල් දෙකත් වතුරට දාගෙන එයා මුමුණන සින්දුව කියන්න පටන් ගත්තා...🎼 ඒක ඇහුන ශාන් එයාගෙ හාමෝනිකාව අරන් තාලයට වාදනය කරන්න පටන් ගත්තා.. 🎼
            
     💚 යීබෝ ගේ කටහඬ ශාන්ගේ හාමෝනිකා වාදනයත් එක්ක මුසුවෙලා මුලු කන්ද පුරාම දෝංකාර දෙන්න පටන්ගත්තා. ගස් පවා ඒ ගායනයට වශී වෙලා වගේ කිසිම සද්දයක් නැති කැලේ පුරාවටම ඒ හඩ ගලාගන ගියා. ආත්ම ගානකට පස්සේ පුරුදු ගායනයක් ඇහෙන නිසාම වෙන්න ඇති.  ❤

                                     " බෝ....!" 🤯

                      වාදනය නතර කරපු ශාන් එකපාරටම යීබෝව තල්ලු කලේ පැත්තකට විසිවෙන්නයි. එතකොටම මුලු කැලේම දෙදරන්න තරම් වෙඩි සද්දයකුත් ඇහුනා. ශාන් ඉක්මනටම යීබෝ ලඟට යනකොටත් යීබෝ අමාරැවෙන් වතුර බේරී බේරී ගලක් උඩට ගොඩවෙන ගමන් හිටියේ. යීබෝ හොඳටම බය වෙලා..
               
             "ගගා...... මොකක්ද ඒ උනේ...?  කවුද ෂූට් කලේ....?
මටද ෂූට් කලේ....? අනේ ගගා මට කියන්න කෝ."
    
                   මෙතනට වෙලා උත්තර දීදී ඉන්න බැරි නිසා ශාන් යීබෝව අරන් ඉක්මනට එතනින් පිටත් උනේ එතන ඉන්න එක තවත් ආරක්ෂිත නැති නිසයි.
                                         🤔🤔🤔
" මං කලින් හිතපු දේ හරි ඒ මනුස්සයෙක් තමයි මොකක්ද ඒ ඇදන් හිටපු ඇදුම ඒක හන්ෆු එකක් නේද ඒත් මේ කැලේ මැද මනුස්සයෙක් ඒ වගේ ඇදුමක් ඇදගන මොනවද කරන්නේ. අනිත් එක මොකක්ද ඒ මිනිහාගේ ඇඳුම පිටිපස්සෙ තිබුන symbol එක ? අනේ මංදා දැන් බෝව පරිස්සමින් ගෙදර අරන් යන්න ඕන ඔක්කොටම කලින්."
                                         🤔🤔🤔
හිත දැඩි කරගත්ත ශාන්  යීබෝවත් වත්තම් කරගන ඉක්මන් ගමනින් පහලට ආවේ සිද්ධ උන දේ ලේසි පහසු නොවන නිසයි.

            "බෝ....! මගේ මැණික ඔයා හොඳින් නේද ? අපි කැබ් එකක් අරන් ගෙදර යමු."
                                              ශාන් යීබෝ ගේ මුහුණ දෙඅත්ල ට මැදිවෙන්න තබාගෙන කීවෙ උන දේ නිසා යීබෝ ටිකක් අවුලෙන් ඉන්න නිසයි.

Foot print in the GuzuWhere stories live. Discover now