තෙවන පරිච්ජේදය 💛

200 50 99
                                    

මුළු පරිසරයම ලාවට කලුවර වැටිලා තිබ්බත් බීජින්ග් නගරයම තිබ්බේ පාට පාට ලයිට් එලිවලින් ආලෝකමත් වෙලා....හදත් හිමිහිට අහසේ පායාගෙන එද්දි යිබෝ බලන් හිටියේ ලාවට පුන්චියට පෙනෙන තරු දිහා..

'රෑ අහස ලස්සනයි නේද යිබෝ?....'

පිටිපස්සෙන් සන්සුන් නමුත් ගැඹුරු කටහඩක් ඇහෙද්දි යිබෝ ඒ කටහඩේ අයිතිකාරයව අදුනගත්තත් හිමිහිට පිටිපස්ස හැරුනේ යිබෝගෙ ඇස් නැවතත් අර චොකලට් දුඹුරු පාට ඇස්වල පැටලෙද්දී....

යිබෝ ශාන් දිහා කෙලින්ම බැලුවත් ඒ මූණේ තිබ්බ කියවන්න බැරි හැගීමක්..ශාන්ගේ ඇස් ඒ වෙනකොටත් යිබෝට යොමු වෙලා තිබුනත් යිබෝ ආයිමත් අනිත් පැත්ත හැරිලා ලාවට අහසේ පායාගෙන එන සද දිහා බැලුවා..

'යිබෝ..'

ආයිමත් ශාන් කටහඩ අවදි කරේ යිබෝ හිස පමණක් හරවා ඔහු දෙස බලද්දි...

ම්ම්..'

'තාමත් ඒක රකිනවද?...'

'අපි දෙන්නට මෙහෙම කතා කරන්න බැහැ ශාන්...ඔයා ඒක දන්නවා...'

යිබෝ තරමක් උස් හඩකින් පැවසුවත් ශාන් සිහින් හඩකින් සිනාසුනේ ඒ සිනාව තුළ වේදනාව පමණක්ම ගැබ්ව තිබෙද්දී...

'ඔයා උදෙත් මට කතා කරා යිබෝ..'

'ඒ හේතුවකට...'

'දැන් මන් ඔයාට කතා කරන්නෙත් දෙයක් දැනගන්න...මට කියන්න..තාමත් ඒ පොරොන්දුව රකිනවද?...'

අවසානයේ ශාන්ගේ හඩ බිදිලා යද්දි යිබෝ ඔහු දෙසට හැරිලා බැල්කනියේ යකඩ වැටට පිට දීලා හෙත්තු උනා...

'ඔව්...'

'කොහොමද ඔයා...මන්..මන්..'

'ශාන්...ඔයා මොනවා කිව්වත් ඔයත් ඒක රකිනවනේ...ඔයා එයාට පොරොන්දු උනා ඔයා හැමදාටම ඒ පොරොන්දුව රකිනවා කියලා...'

'ඒත් දැන් ඒක ඉවරයි යිබෝ...ඒ පොරොන්දුව අපේ ජීවිතේට කරදරයක් නම් අපිට නිදහස තියෙනවා ඒක අපේ ජීවිතෙන් අයින් කරන්න...'

ශාන් අඩියෙන් අඩිය යිබෝ අසලට පැමිණෙමින් පැවසුවේ යිබෝ ඍජුව ශාන් දෙස බලද්දී...

Enemies With Hidden Past [ Zhanyi Sinhala FF ]Where stories live. Discover now