හත්වන පරිච්ඡේදය 💛

161 28 10
                                    

ශාන් සෙමින් තම පියා අසලට ගියේ ඒ මැදිවියේ පුද්ගලයා කෝපයෙන් ශාන් දෙස බලද්දී...

'ශාන්..තමුසේ ආයිමත් යිබෝත් එක්ක එකතු වෙලා නටන්න හදන නාඩගම මොකක්ද ආ..'

ඒ හඩ කම්පනිය පුරාවටම දෝන්කාර දෙද්දී ශාන් ඍජුව තම පියා දෙස බැලුවා..මෙහි අවසානයක් තිබිය යුතුයි..!

'පපා..'














'සර්..මෙතන සයින් කරන්න ඕනේ..'

'මේ මොකක්ද ජෙනී?'

'ඕක අපේ marketing section එකේ floral perfume brand එක ගැන එයාලා දුන්න report එක සර්..'

'ඉතින් මේක ලැබෙන්න ඕන මිස්ටර්.පෙන්ග්ටනේ..එයාටනේ මන් මේක බාර දුන්නේ..'

' ඔව්.ඒක ඇත්ත සර්..'

'හරි ජෙනී..ඔයා යන්න..මන් මේ ගැන බලන්නම්..'

'ඕකේ සර්..'

............ යිබෝ ෆයිල් එක පෙරලලා බලලා කම්පනි ලෑන්ඩ්ෆෝන් එකෙන් පෙන්ග්ට කෝල් එකක් ගත්තා..

'හෙලෝ..'

'හෙලෝ..මිස්ටර් පෙන්ග්?'

'ඔව් සර්.කියන්න..'

'මිස්ටර් පෙන්ග්ට ලැබෙන්න ඕන floral perfume brand එකේ ෆයිල් එක මගේ ලග තියෙනවා..ඇවිත් ඒක මගේ සෙකට්රිගෙන් අරගන්න..'

'ආහ්..සොරි සර්..සර් ලගට වැරදිලා එවෙන්න ඇත්තේ..මන් ඒක ගන්නම් සර්..'

'ඉට්'ස් ඕකේ..'

..................යිබෝ ශීට් එකට හේත්තු වෙලා නලල ඇගිලි දෙකකින් මිරිකගත්තේ යිබෝට ඇගට පණ නැති ගතියකුත් දැනෙද්දී..

'ඊයේ තෙමුණ නිසා වෙන්නැති..'

ඇගට දැනෙන අපහසුව අමතක කරලා යිබෝ ආයි වැඩ වලට අවධානය යොමු කරේ වැඩ ගොඩ ගැහිලා තිබ්බ නිසා..

'සර්..මිස්ටර් කිම් එක්ක මීටින්ග් එක..'

'ආහ්..වෙලාව හරිද ජෙනී?'

'ඔව් සර්..'

⁣ජෙනීට ටැබ් එක දීලා යිබෝ නැගිට්ටත්, එහෙමම අත තියාගෙන මේ⁣සෙට බර උනේ මුලු ඇගම පිච්චෙනවා වගේ යිබෝට දැනෙද්දී..

Enemies With Hidden Past [ Zhanyi Sinhala FF ]Where stories live. Discover now