පස්වන පරිච්ජේදය💛

177 39 18
                                    

කායි යිබෝව පැන්ට්‍රියට තියලා තද කරගනිද්දී යිබෝ කායිව තල්ලු කරන්න හැදුවත් කායි යිබෝගේ අත් දෙකම එයාගේ එක අතකට හිර කරගෙන අනිත් අතින් යිබෝගේ නිකට මිරිකලා අල්ල ගත්තා...යිබෝගේ ඇස් කේන්තියෙන් දිලිසෙද්දී කායිගේ ඇසුත් ඒ හා සමානවම කේන්තියෙන් දිලිසුනේ දෙන්නට දෙන්නා හිත ඇතුළෙන් තරහෙන් පුපුරද්දී...

'බෝබෝ...'

කායි හෙමින් මුමුණන ගමන් යිබෝට ළන් උනත්...

'කායි...'

චෙන්ග් කේන්තියෙන් කායි දිහා බලද්දී කායි යිබෝව අතඇරලා පැත්තකට උනේ යිබෝ අත් මිට මොළවගද්දී...

'චෙනා..මන්..'

'කටවහගනින් කායි...උබ ආයි හු!තක් නටන්න පටන්ගත්තද...මේ කොල්ලට පාඩුවේ ඉන්න දීපම් යකෝ..'

'මුගේ මහ ලොකු සීයාපපා තමා මගේ සීයාපපාව මැ.'

'සීයා කරපු එකට මේ අහින්සකයා පලිද හු!තෝ..ඒ කොල්ලා ප්‍රශ්න වලින් හෙම්බත්වෙලා ඉද්දී උබ ආ‍යි මගුලක් කරන්න එපා බන්..'

චෙන්ග් හිමින් නමුත් දැඩිව කියද්දී යිබෝ මුකුත් නොකිය ඔහේ හිටියේ කියන්න දෙයක් නැති නිසා..

'චෙන්ග්..'

'දැන් රූම් එකට පලයන් කායි..යිබෝ...ශාන් ඔයා එනකන් ඉන්නවා...යන්න..නිදාගන්න..'

'හ්ම්ම්..ගුඩ් නයිට් චෙන්ග් ගගා..'

යිබෝ ඒ දෙන්නට ඕන දෙයක් කරගන්න දීලා පඩිපෙළ නැගලා කාමරේට ගිහින් දොරත් වහලා ඇදෙන් වාඩිඋනේ ඒ වෙලාවෙම වගේ බැල්කනි එකේ දොර වහගෙන ශාන් ඇතුළට එද්දී...

'තමුසේ මෙච්චර වෙලා මොකක්ද කරේ?..'

'චෙන්ග් ගගාත් එක්ක කයියක් දැම්මා..දැන් නිදාගමු නේද..ගුඩ් නයිට් ශාන්..'

'ම්ම්..'

යිබෝ ඇදේ බිත්තිය පැත්තෙන් හාන්සි වෙද්දී ශාන් ලයිට් නිවාගෙන ඇවිත් ඇදේ අනිත් කොනෙන් හාන්සි උනේ බර සුසුමක් හෙළන ගමන්...ඒ සුසුම්වලට මුසු වුනු සිගරට් දුම් ගද යිබෝට හොදින් දැනුනත් යිබෝ මුකුත් නොකිය ශාන්ට පිටුපාලා ඇස් පියාගෙන නිදාගන්න උත්සාහ කරේ අද දවසේ වෙච්ච දේවල් චිත්‍රපටියක් වගේ යිබෝගේ මනසේ මැවි මැවි පෙනෙද්දී...

Enemies With Hidden Past [ Zhanyi Sinhala FF ]Where stories live. Discover now