අටවන පරිච්ඡේදය 💛

140 26 11
                                    

පයූ ශාන්ට කියන්න ඉඩ දීලා බලන් හිටියේ හෙමිහිට ශාන්ගේ පිට අතගාන ගමන්...⁣හිතේ හිරකරන් හිටපු සේරම හැගීම් ශාන් වචන වලට පෙරලුවත් වචන වලට පෙරලන්න බැරි ඒ පැසවන වේදනාව කදුලු වෙලා ශාන්ගේ කම්මුල් දිගේ ප ල්ලම් බැස්සේ ශාන් හිත ඇතුලේ තියෙන කියාගන්න බැරි වේදනාවකින් මිරිකෙද්දී...ඒ හැගීම ශාන්ව පණ පිටින් මරනවා..තමන් ආදරේ කරන ඒ පුන්චි දේවදූතයගේ රූපේ ඇස් ඉස්සරහ මැවෙනකොට ශාන්ව හිත ඇතුලෙන් පිච්චුනා...ඒ දේවදූතයත් ඉන්නේ තමන් වගේම අසරණකමින් කියලා දැනෙනකොට ශාන්ට ඕන උනේ තමන්ගේ ඒ පුන්චි දේවදූතයවත් අරගෙන ගිහින් කොහේහරි හැන්ගෙන්න..කාටවත් හොයාගන්න බැරි තැනක හැන්ගිලා ජීවත් වෙන්න..ඒත් ශාන්ට උනේ ඒ හැගීම් සේරම හන්ගගෙන පිටට හිනා මූණක් පෙන්නගෙන එයාගේ පුන්චි ⁣දේවදූතයාගෙන් ඈත් වෙලා ඉන්න...

'ශාන්..මචන්...ඔය ඇති බන්...යිබෝ උනත් කැමති වෙන එකක් නෑ උබව මෙහෙම දකින්න...කෝ නැගිටපන්..'

'ම්හ්..මට ඉන්න දීපම්..'

'හුත්තක් කියවන්නැතුව නැගිටපන්..බලපන් මෙතන හැටි..මන් උබෙන් අහන්නෑ මෙතන මොකක්ද උනේ කියලා..ඒත් දැන් වෙච්ච දේ උනා..දැන් ඒක ඉවරයි..කෝ නැගිටපන්..'

පයූ අමාරුවෙන් ශාන්ව නැගිට්ටවගෙන ⁣පැත්තක තිබ්බ දොරත් අරගෙන ඔෆිස් බෙඩ් රූම් එකට ගිහින් ශාන්ව ඇදෙන් වාඩි කරා...

'මන් උබේ සෙකට්රිට කියලා එන්නම් අතන අස් කරවන්න කියලා..'

'හ්ම්..'

ශාන් ඇදට වැටිලා කොට්ටේ අස්සේ මූණ ගහගත්තේ ලොකු හුස්මක් ගන්න ගමන්..

'මට උබ නැතුව පාලුයි චූටි මැණික..'

'උබ පොඩ්ඩක් මූණ එහෙම හෝදගනින්..අපි ගෙදර යන්..'

'මට වැඩ..'

'ඒවා පස්සේ කරන්න පුලුවන්..දැන් යමන් ගෙදර..මන් බෙලාට කිව්වා. '

'හ්ම්..'

ශාන් පොඩි බාත්රූම් එකට ගියාට පස්සේ පයූ ශාන්ගේ කෝට් එකයි ටයි එකයි අතට අරගෙන හුස්මක් පිටකරේ ඒ වෙලාවෙම පයූ ගේ ෆෝන් එක රින්ග් වෙද්දී..

'හෙලෝ රේන් බබා..මොකද මේ වෙලාවේ මාව මතක් වෙලා?'..

තොල්වල ඇදුණු පොඩි හිනාවකුත් එක්ක පයූ ඇහුවේ එහා පැත්තෙන් කනට මිහිරි ලස්සන වචන ටිකක් ඇහෙද්දී..

Enemies With Hidden Past [ Zhanyi Sinhala FF ]Where stories live. Discover now