සිව්වන පරිච්ඡේදය 💛

216 40 32
                                    

අන්තිමට කරන්න දේකුත් නැති නිසාම යිබෝ තමන්ගේ වොලට් එකයි ෆෝන් එකයි අරන් ශාන් එක්ක ගිහින් ශාන්ගේ කාර් එකට නැග්ගා...කුඩේ තිබ්බත් දෙන්නම හොදටම තෙමිලා ඉද්දී ශාන් කුඩේ පිටිපස්සට දාලා කොන්ඩෙ පොඩ්ඩක් අතින් අවුල්කරගත්තා..‍යිබෝගේ කොන්ඩෙ නළලටත් වැටිලා ඇලිලා තියෙද්දී යිබෝ ඒක ගැන ගානක් නැතුව හිටියේ එකසැරේම යිබෝගේ ඔලුව උඩට සුදු පොඩි රෙද්දක් වැටෙද්දී...

'කොන්ඩේ පිහිදගන්නවා...නැත්තම් උණ ගනියි...'

ශාන් එහෙම කියනගමන්ම කාර් එක ස්ටාට් කරේ යිබෝ ශාන්ටත් රව රව කොන්ඩේ පිහිදගනිද්දී...

කාර් එක සම්පූර්ණයෙන්ම සයිලන්ට් වෙද්දී ටික වෙලාවක් ගිහින් ශාන් රේඩියෝ එක ඔන් කරලා සින්දුවක් දැම්මේ ඒ සින්දුව එයත් හිමින් මුමුණන ගමන්...

'Lay next to me..Come see the sky..
It fussy with the mighty mighty ocean..
They fell in love like you and I...
And now they rule and man cannot control them..

'They force the moon and sun..
They never bow down to anyone..
Whenever they strikes..it's hit and run..
SEA and SKY...YOU and I...'

( Blue by Alan Walker)

'ඔය සින්දුව වෙනස් කරන්න බැරිද?'

යිබෝ එකසැරේම ශාන් දිහා බලලා ඇහුවේ ශාන්ගෙ ඇසුත් යිබෝට යොමුවෙද්දී...

'මේ සින්දුව නිකන් අපි දෙන්නටම හදලා වගේ..එහෙම පේන්නෙ නැද්ද බෝ?

ශානුත් ආපිට ප්‍රශ්නයක් ඇහුවේ යිබෝ කිව්ව දේ මගෑරලා...

'It's Mr.Yibo..Mr.Zhan..'

යිබෝ ටිකක් හයියෙන් කිව්වේ ශාන් සිහින් හඩකින් සිනහවෙද්දී...වේදනාව පමණක් ගැබ්ව තිබුණ ඒ හිනාව යිබෝට තේරුම්ගන්න අමාරු උනේ නෑ...

'අවුරුදු කීපෙකට කලින් ඔයාම මට කිව්වා..ඔයා බිස්නස්මන් කෙනෙක් උනාම ඔයාට මිස්ටර් යිබෝ කියලා කතාකරන්න එපා කියලා...ඒක ඔයාට මතකද බෝ?..ඒත් හැමදේම වෙනස් වෙලා..හැමදේම..ඒත් ඒ හැමදේටම වඩා ඔයා වෙනස් වෙලා යිබෝ..ඔයා ගොඩක් වෙනස් වෙලා...'

ශාන් සෙමින් නමුත් යිබෝට ඇසෙන පරිදි පැහැදිලි හඩකින් කිව්වේ යිබෝගේ මුවින් සුසුමක් පිටවෙද්දී...

Enemies With Hidden Past [ Zhanyi Sinhala FF ]Where stories live. Discover now