bite me chapter 19

1.2K 269 73
                                    

"අඩන එක නතරකරනවා ජන්කුක් "

වාහනෙ පිටිපස්සට වෙලා ඇගිලි එකට එකක් තද කරන ගමන් ඉකිගගහ හිටපු ජන්කුක් ඇඩිල්ල වැඩි කරේ ඔම්මා එයාට කෑගහපු නිසා.

"යේබෝ...සන්සුන් වෙන්න...

ජන්කුක් ගෙ අප්පා වාහනෙ එලවන ගමන් ඔම්මගෙ කකුල උඩින් අත තිබ්බෙ ඇස් වලින් ජන්කුක් ව පෙන්නන ගමන්.එයා දැනටම හුගක් රතු වෙලා.

"ඔයා කියන්නෙ මට සන්සුන් වෙන්න කියලද?බලන්න එයා අඩන විදිහ ,එයා කොහොමද ඔය විදිහට ටේහියුන් ගෙ ක්වීන් වෙන්නේ..ජන්කුක් මං සැරයක් කිව්වා දැන්.....

"ඔම්මා....නපුරු වෙන්න එපා ඔහොම...ඔයාලා මට මේ දේවල් කලින් කියලා තිබ්බනම් මේ කිසිම දෙයක් වෙන්නෙ නෑනෙ...

ජන්කුක් ඉකිගහන ගමන් කිව්වෙ ඔම්මා ටේහියුන් ගෙ ගෙදරදි එයාට බැනපු විදිහ මතක් කරලා ආයෙ ආයෙ ඉකිගහන ගමන්.

ඔම්මා කිව්වා ජන්කුක් කරෙ වැරදි වැඩක් කියලා ,එයාට ටේහියුන් එක්ක එහෙම ඉන්න බෑ කියලා..ඒක එයාගෙ ජීවිතේට අනතුරක් කියලා..ඔම්මා කිව්වා ජන්කුක් ට කොයි විදියට ටේහියුන් ව දැනුනත් ජන්කුක් පුලුවන් හැම තිස්සෙම එයාව මගහරින්න ඕනි කියලා ..

"කටවහනවා..ඔම්මා එක්ක එකට එක කියවගෙන එන්න එපා..ඔයා දන්නැ ජන්කුක් අපි ඔයාව පරිස්සම් කරපු විදිහ,මට ඕනි නෑ ඔයව අමාරුවෙ දාන්න..

"ඔම්මා ඒත් මට ටේහියුන් නැතුව ඉන්න බැ වගේ...මගෙ පපුව හුගක් රිදෙනවා ඔම්මා...

ජන්කුක් කිව්වෙ පපුවට එක අතක් තියාගෙන.ඔව් ටේහියුන් ලගින් ඉද්දි වගෙ නෙමේ ,ටේහියුන් ගෙන් ටික ටික ඈත් වෙද්දි ඒක හුගක් රිදෙනවා .

"ජන්කුක් බේබි ...ඔයාව අපි ටේහියුන් ගෙන් වෙන් කරන්නෙ නෑ..ඔයා දැනගන්න ඕනි දේවල් ටිකක් තියනවා..ඒ දේවල් ඔයාට කියලා දෙන එක අපෙ වගකීමක්..

"නෑ..ජන්කුක්ව ටේහියුන් ට දෙන්නෑ...

ඔම්මා ආයෙම කෑගැහුවෙ ජන්කුක් ගෙ ඇස් ආයෙම රත් කරලා..

"යේබෝ...ටේහියුන් කියන්නෙ එයාගෙ මේට්..මේට්ව ප්‍රතික්ෂේප කරන්න අමාරුයි කියලා ඔයා දන්නවා...

Bite me |taekook Where stories live. Discover now