bite me chapter 29

1.1K 237 42
                                    

ජන්කුක් ගේ රූම් එකෙන් එලියට ආපු ටේහියුන් තුන්වෙනි වතාවටත් ලොකු හුස්මක් පිට කරලා දැම්මා.

ජන්කුක්ව මුලින්ම ටේහියුන් දැක්කේ එදා රෑ,ටේහියුන් කාර් එකෙ ග්ලාස් එක අරිද්දිම එයාව පේන්නෙ නැ කියලා තමන්ගෙ මූනටම ටෝච් එකකුත් ගහගෙන ටේහියුන් ට විරිත්තපු හැටි..

"හායි මං ජන්කුක් කියලා....

ටේහියුන් තමන්ටම මුමුන ගත්තා.කවුද හිතුවෙ එදා බලහත්කාරයෙන් එයාගෙ මැන්ශන් එකට පැන්න දගමල්ල එයාගෙ ආත්මෙම කොටසක් වෙයි කියලා ...

ජන්කුක් ගෙ හිනාවයි,සතුටු හිතෙන හැමතිස්සෙම අත්පුඩි ගගහ හිනාවෙන විදිහයි මතක් වෙලා ටේහියුන් ට හීල්ලුනා...දැනුත් ටේහියුන් ගෙ සන්වේදි කන්වලට ඇහෙනවා ජන්කුක් අඩනවා..බාත් රූම් එකෙ අඩ අඩ හිටපු ජන්කුක් ව ටේහියුන් එක්කන් ඇවිත් ඇදුම් මාරු කරලා නිදාගන්න කියලා එලියට ආවත් ජන්කුක් නිදි නෑ කියලා ඉකිගහන සද්දෙන් ටේහියුන් ට තේරුනා..

"ටේ....

ටේහියුන් එතකොට යි දැක්කෙ එයාගෙ ඉස්සරහ හිටගෙන ඉන්න ජින්ව.

"සේලයින් එකක් දෙන්න වෙයිද?

"දුන්නොත් හොදයි...කෑවෙ නෑ...

ටේහියුන් ජින්ට කියලා යන්න හැරෙද්දි ජින් ටේහියුන් ගෙ අතින් අල්ලගත්තා..

"හෝසොක් මැරිලා...

"ජන්කුක්......

"එයා හොදින්ද....

ජින් ආයෙම අහද්දි ටේහියුන් මොකුත් නොකියම ජන්කුක් ගෙ කාමරෙ දිහා බලලා ඇස් වලින් නෑ කියලා කිව්වා..

____________________________________

"ජිමින් මං ඇතුලට එනවා...

යුන්ගි ජිමින් ගෙ රූම් එකට කීපපාරක් නොක් කරලා බැරිම තැන ඇතුලට ගියා.ජිමින්ගෙත් වෙනසක් නෑ..එයත් දවසම කරන්නෙ ඔම්මා දිහා බලන් ඉන්න එකයි ,සිහිය ආවත් ඔහේ බලාගත්ත අත බලන් ඉන්න අප්පා ලගට වෙලා හූල්ලන එක විතරයි ,

"ප්ලීස් ගෙට් අවුට්...

ජිමින් කේන්තියෙන් නොවුනත් කැඩුනු කටහඩින් කියද්දි යුන්ගි එයාගෙ අතෙ තිබ්බ කෑම ප්ලේට් එක ජිමින් ගෙ ඇද ලගින් තිබ්බා...

Bite me |taekook Where stories live. Discover now