bite me chapter 25

1.1K 243 128
                                    

"ඔයා හිතනවද එවුන් නාරිව විශ්වාස කරන්න පුලුවන් කියලා ?

යොන්සූ රෑ ඇදේදි එයාගෙ එහා පැත්තෙන් හෙඩ් බෝඩ් එකට හේත්තු වෙලා ඉන්න එවුගෙන් ඇහුවා.

"ඔය හිතනවද මං එයාව විශ්වාස කරා කියලා,එයා එයාගෙ මේට් අත ඇරලා දාලා මගෙ මේට් ව බැන්දට පස්සෙත්....

"ඔයාගෙ ඔය 'මගෙ මේට් ' කෑල්ල ආයෙ කියලා අහුවෙන්න එපා එවුන්...මට කියන්න,අපි එතකොට පැක් එකට යනවද?

යොන්සු අහද්දි එවුන් ඔලුව අත් වලින් තද කරගත්තා,

"අපිට දැම්ම බෑ යොන්සු එහෙම නේද?අපෙ ජන්කුකීට තාම පැක් එකක් බාරගන්න බෑ,අනික නාරීගෙ දුව,නාරි හිතන් ඉන්නෙ එයාගෙ දුවව පැක් එකෙ හෙඩ් කරන්න නම් ජන්කුක් ට තව බාධකයක් එයා....

යොන්සු එයාගෙ වයිෆ්ව තමන්ගෙ තුරුලට අරන් එහා පැත්තෙ මේස උඩ තිබ්බ වතුර විදුරුව දිහාට අත දික් කරා,වීදුරුව එතනින් උඩට ඉස්සිලා යොන්සුගෙ අතෙ නතරවෙද්දි එවුන් යොන්සුගෙ අතින්ම වතුර එක බිව්වා.

"ඔයා හිතන්නෙ අපෙ ජන්කුකීට මායාවන් පුලුවන් ඇති කියලද?

"එයාගෙ අප්පා ගොඩක් දක්ශ මායාකාරයෙක් වෙද්දි පුතාට ඒ හැකියාව නොයා ඉදි කියලා ඔයා හිතනවද එවුන්?

යොන්සු ගෙ ආඩම්බර කාර හිනාව නිසා එවුන් එයගෙ හස්බන්ඩ් ගෙ පපුවට හිමින් තට්ටුවක් දැම්මා..

"මගෙ ජන්කුකීව ටේහියුන් හොදට බලාගනී...එයාව පුහුනු කරවන්න අපි දැන්ම පටන් ගන්න ඕනි..මට පුලුවන් එයාට වෘකයන්ගෙ ශක්තීන් කියලා දෙන්න..එතකොට ඔයාට පුලුවන් එයාට එයාගෙ මායාව පාවිච්චි කරන හැටි කියලා දෙන්න....

"ඔයා වදවෙන්න එපා..අපි හිතනවට වඩා අපෙ පුංචි සකබබරෙ දක්ශයි...

"සකබබරේ...එයා එයටම සකබබරෙ කියාගනිද්දි මට එයාව අල්ලලා ගිලලා දාන්න පුලුවන් යොන්සු....

"මටත් පුලුවන් සකබබරෙගෙ ඔම්මව එක කටට ගිලලා දාන්න...

ජන්කුක් අප්පා ඔම්මගෙ කම්මුලක් හපන්න ගත්තෙ ඔම්මට ඉබේම හිනාවක් යද්දි.

සමහර ආදර කතා හරි පුදුමයි,හීන ලෝක වල ජීවත් වෙලා ආදරෙ කරලා ඇත්ත ලෝකෙට ඇදන් වැටිලා තුවාල කරගෙන අන්තිමට පුංචි දරුවො පවා දුක් විදිනවා...

Bite me |taekook Where stories live. Discover now