bite me chapter 32

1K 226 57
                                    

"වෝහ්.....

ජන්කුක් කට 'O' කරගෙන ටේහියුන් ගෙ පිටිපස්සෙන් ආවේ වටේ පිටේ තියන හැම දෙයක් දිහාම ඇස් ලොකු කර කර බලන ගමන්.

එයාලා ආවෙ වෙන කොහෙටවත් නෙමේ වැම්පයර් කින්ග්ඩම් එකේ මේන් පැලස් එකට.පැලස් කිව්වහම ජන්කුක්ට මතක් උනෙ අර හද්ද පරන වවුල්ලුත් දෙපැත්තෙන් පියාබන තඩි වතුර වලක් මැද තියන ලොකු කලුපාට මාලිගාවක් උනත් මාලිගාවේ මේන් ගේට් එක ලග හිට ගත්ත ගමන් ජන්කුක් තේරුම් ගත්තා මේ එයා හිතපු විදිහෙ තැනක් නෙමෙ කියලා.

නම්ජූන්ගෙ පැලස් එක තිබ්බේ අක්කර ගානක් ලොකු කැලයක.සාමාන්‍ය මිනිසුන්ගෙන් හැංගිලා කැලෙ ඇතුලට වෙන්න ලොකු වපසරියක් ඇතුලෙ මේක පිහිටලා තිබ්බා.

ජන්කුක් ඇතුල් වෙද්දිම දැක්කෙ කාපට් කරලා තියන පාරෙ දිගට තැනින් තැන ඉන්න කලු පාටම ඇද ගත්ත ගාඩ්ස්ලා..

"Wizard ලා..වැම්පයර්ස්ලා නෙමෙයි...

"එයාලට අත වනන එක නතර කරන්න මගෙ සකබබරෙ ..

"සැහ්...එයාලා මට ආපස්සට අත වනන්නෑනි අප්පා...

ජන්කුක් ගෙ ඇද වෙච්ච මූන දැකලා ටේහියුන් හිමින් ජන්කුක් ගෙ කම්මුලකින් ඇද්දා...

"එයාලා එහෙම තමයි...

"ඕනි දෙයක්...දැන් මාව ඔයා මෙහෙ උස්සන් ඇවිත් මොනායි බලාපොරොත්තු වෙන්නේ?

ජන්කුක් ආයෙම අහද්දි ටේහියුන් ඈතින් පේන එයාලගෙ main palace එක දිහා බලලා ජන්කුක් දිහා බැලුවා.

"මං මෙහෙට එන්නෙ අවුරුදු සීයකින් ජන්කුකී...ඔයාට පුලුවන් ද මගෙ අත අල්ලගෙන ම ඉන්න...එතකොට මට දැනෙනවා මගෙ කියන හැගීම...මං හිතුවට මං මගෙ බොලද හැගීම් මරලා දාලා ඉන්නෙ කියල ඔය ඇස් මගෙ උනා කියලා දැනුන දවසෙම ඒ යට ගහපු හැගීම් ඔක්කොම එකපොදියට උඩට ආවා...දැන් මට ඒවා පාලනය කරන්න ඕනි නෑ...මට ඕනි ඒවට නිදහසෙ යන්න දෙන්න..මොකද දැන් ඒවට වටිනාකමක් දෙන්න පුලුවන් කෙනෙක් මාත් එක්ක ඉන්න නිසා...

"ඔයා හුගක් කියෝනවනෙ අප්පා...

ජන්කුක් ගෙ කටින් පිටවුනෙ විකාර වචන ටිකක් උනත් ජන්කුක් ගෙ වම් අත ටේහියුන් ගෙ දකුනු අතෙ හරි තදේට එතිලා තිබ්බා වගේම ජන්කුක් ගෙ මාපට ඇගිල්ල ටේහියුන් ගෙ අත උඩ හරි පරිස්සමට එහෙ මෙහෙ ගියා...

Bite me |taekook Where stories live. Discover now