bite me chapter 34

978 226 40
                                    

"අපිට අවුරුදු සියගානකට පස්සෙ අන්තිමේදි වැම්පයර් මාලිගාවෙන් ආරාධනාවක් ලැබිලා..

නාරි වැම්පයර් මාලිගාවෙන් ආපු සම්ප්‍රදායික අදුරු කහ පාටින් පේන ලියුම උඩ තියන නම්ජූන්ගෙ ලේ බින්දුව දිහා බලල තමන්ගෙ සැමියා දිහා බැලුවා.

"බ්ලූ මූන් පැක් එකෙ නියම උරුමක්කාරයා මං නෙමෙයි,ඒ ඔයාගෙ තාත්තා ...ඉතින් මාස්ටර් නම්ජූන් විශේශෙන්ම කියනවා අනිවාර්යයෙන් ම පැක් ලීඩර් ඉන්න ඕනි කියලා ....

"ඉතින් එයාට සිහියක් නෑනි...ටිකෙන් ටික වස වලට හුරු වෙලා එයා මැරෙන්න යනවනෙ..කොහොමත් වැම්පයර් ක්ලේන් එක හියුන්ජන්ව පිලිගත්තහම මේ වොල්ෆ් ක්ලේන් ඔක්කොගෙම තනි අයිතිය නිකන්ම එවුන්ජන්ට අයිති වෙනවා...

"සීල් එක...හෙඩ් ඇල්ෆගෙ සීල් එක තාම අපෙ අතට ගන්න බැරි උනා නාරි...

සේජන් කියද්දි නාරි ඔලුව වැනුවා..

"එවුන්ජන්ව උරුමක්කාරයා බැන්දහම කොහොමත් සීල් එක අයිති එවුන්ජන්ට,අපිට තියෙන්නෙ එතකන් ඉවසන් ඉන්න......

"එතකොට එවුන්ගෙ දරුවා?

"අපි ඕක ගැන කතාකරා සේජන්..ඔයා එදා දැක්කනෙ අපි අච්චර අර ගෑනීවයි මිනිහවයි නොමරා මරද්දි ඒ කොල්ල කරපු එකම දේ අඩපු එක විතරයි ,ඔයා හිතනවද වැම්පයර් ක්ලේන් එක ඒ වගෙ දුර්වලයෙක් භාරගනී කියලා ...මූන් ගෝඩ් උනත් එවුන්ජන් ව ජන්කුක් ට පස්සෙ නම්කරන්න ඇත්තේ ජන්කුක් කියන්නෙ දුර්වලයෙක් හින්දා වෙන්න ඇති...

"හෙට එහෙමනම් වැම්පයර් ක්ලේන් එකත් එක්ක නෑදෑකම් ඇතිකරගන්න තියෙන්නෙ ....මං එවුන්ජන් ව ලෑස්ති කරවන්නම්..අන්තිමට අපි බලන් හිටපු දවස එන්නයි යන්නේ,

නාරි හිනාවෙලා කියද්දි සේජන් ඔලුව වැනුවා.මුලින්ම ජන්කුක් වෙනුවෙන් බලන් හිටපු පැක් වල ලීඩර්ස්ලා තමන්ගෙ පැත්තට නම්මගෙන අන්තිමේදි එවුන්ජන් ව පිලිගන්න තැනට පත් කරගත්තා වගේම ජන්කුක් ගෙ සීයා නැත්තම් බ්ලූ මූන් පැක් එකෙ ඇත්තම නායකයා ඉන්නෙ අසනීපයෙන් කියන බොරුවත් නාරිත් එක්ක එකත්වෙලා සේජන් කරගෙන ගියා..දැන් තියෙන්නෙ වැම්පයර් පැක් එක වගේම උරුමක්කාරයා රවට්ටගන්න..

Bite me |taekook Onde histórias criam vida. Descubra agora