bite me chapter 39

948 214 64
                                    

"එයාට කොහොමද ඩොක්ටර් ?

එවුන් ජන්කුක් ව චෙක් කරපු ඩොක්ටර් ගෙන් අහද්දි ඩොක්ටර් හිනාවෙලා එවුන් දිහා බැලුවා.

"බයවෙන්න දෙයක් නෙමෙයි මැඩම්......

ඩොක්ටර් එවුන් දිහා බලලා හරි ලස්සනට හිනාවුනා..

"අපෙ කුමාරයා තව කෙනෙක් ට හුස්ම දෙන්න පටන් අරන් නිසා ටිකක් දුර්වල වෙලා ...

ඩොක්ටර් එවුන්ට bow කරලා ජන්කුක් ගෙ රූම් එකෙන් එලියට යද්දි එවුන් පුදුමෙන් ජන්කුක් දිහා බලන් හිටියා..ජිමින් හිටියෙත් පුදුමෙන් එයාගෙ අම්මා දිහා බලාගෙන..

"එයා ඒ කිව්වේ.....

"ජන්කුකී pregnant ද?

එවුන් කටට අතත් තියාගෙන නැගිට්ටා..ඒත් එක්කම වගෙ යොන්සුත් කාමරේට එද්දි බයවෙලා ඉන්න එයාගෙ වයිෆ් දැකලා යොන්සු තවත් කලබල උනා...

"ඩොක්ටර් මොකද කිව්වෙ එවුන්..ඇයි මේ බයවෙලා...

යොන්සු අහද්දි එවුන් හැගීම් විරහිත විදිහට යොන්සු දිහා බැලුවා..

"උරුමක්කාරයාට ඇවිත් එයාගෙ සහකාරයාව අරන් යන්න කියන්න යොන්සු...එයාලට පරිස්සම් වෙන්න බැරි උනෙ ඇයි දෙයියනේ

"ඔ.ඔයා මොකද්ද කියන්නෙ එවුන්...

යොන්සු කාමරෙ ඇතුලට ඇවිත් ජන්කුක් ලගින් වාඩිවෙද්දි එවුන් යොන්සුගෙ අත අරන් ජන්කුක් ගෙ බඩ උඩින් තිබ්බා..

"ඔයා සීයා කෙනෙක් වෙන්නයි යන්නේ....

එවුන් කියද්දි යොන්සු ගෙ ඇස් ලොකු උනා..ජන්කුක් ගෙ බඩ උඩ තියන තමන්ගෙ අත දිහයි හුරතල් විදියට නිදාගෙන ඉන්න එයාගෙ හාපැටියා දිහයි සැරෙන් සැරෙ බලපු යොන්සුගෙ ඇස් කදුලු වලින් වැහෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ...

"මං මේකට ලෑස්ති නැ...

යොන්සු ගෙ කදුලු එකින් එක බිමට වැටෙද්දි එවුන් එයාගෙ හස්බන්ඩ්ගෙ ඔලුව අත ගෑවා..යොන්සු ඕනිවට වඩා සංවේදී වෙලා තියෙද්දි එවුන් හිටියෙ බයෙන්..සතුටටත් වඩා බයකින් එවුන් ව වහගෙන ඉද්දි එවුන්ගෙ හුස්මත් අදුරන යොන්සුට ඒක දැනෙන්න වැඩිවෙලාවක් ගියෙ නෑ..

Bite me |taekook जहाँ कहानियाँ रहती हैं। अभी खोजें