bite me chapter 23

1.3K 251 158
                                    

"ඉන්න එනවා...

ජිමින් දොර ලගට දුවගෙන ගියේ එයාලගෙ බෙල් එක එකදිගට වදින්න ගත්ත නිසා,කොහොමහරි ජිමින් දොර අරිනකොට දොර ලග හිටියෙ ගොඩක් ලස්සන මැදි වයසෙ ගෑනු කෙනෙක් ,

"හායි ,මොකද්ද මගෙන් වෙන්න ඕනි?

ජිමින් දිහා අමුතු විදියට බලන් ඉන්න ගෑනු කෙනා ගෙ කකුල් වල ඉදන් උඩට එනකන් ජිමින් බැලුවා.එයා පෙනුමෙන් නම් සල්ලි තියෙන පවුලක වගේ,

"ලී එවුන්,අම් නෑ ජියොන් එවුන් ඉන්නෙ මේ ගෙදරද?

"ඔම්මා?ඔයා මොකටද ඔම්මව හොයන්නේ?

ජිමින් ඔම්මා කියද්දි ගෑනු කෙනාගෙ ඇස් පුදුමෙන් මහත් උන හැටි ජිමින් නෝට්ස් කරා,ඊලගට එයාගෙ ඇස් වල කදුලු පිරුනෙ ජිමින් බලන් ඉද්දි.

"ඔයා ජී-එවුන්ගෙ පුතාද?

ජිමින් නෑ කියලා කියන්න හැදුවත් එයාට ඇහුනා එයාගෙ නෝටි ඔම්මා පිටිපස්සෙ ඉදන් ඔව් කියලා කෑගහනවා,ජිමින් පිටිපස්ස හැරිලා ඈත ඉදන් එන ඔම්මට හිනාවෙලා එයාගෙ ඉස්සරහ හිටිය ගෑනු කෙනාට ඇතුලට යන්න ඉඩ දුන්නා,

"නාරී?

ඔම්මගෙ ඇස් වලත් අර ගෑනු කෙනාගෙ වගෙ කදුලු පිරුනා වගේම ටිකකින් එයාලා හිටියේ warm hug එකක් අස්සේ,විනාඩි දහයක් විතර එයාලා බදාගෙන අඩලා අන්තිමට හග් එක බ්‍රේක් කරා,

"නාරී....දෙයියනේ මගෙ චූටි නංගි...ඔයා ගොඩක් ලස්සන වෙලා මගෙ පැටියෝ...

ජිමින් ගෙ ඇස් ලොකු උනා.පුදුමයක් නෑ ජිමින්ට අර ගෑනු කෙනා ලස්සනට පෙනුන එක,එයා ඔම්මගෙම අනිත් භාගේ,

"ඔන්නි...මට ඔයාව හුගක් මිස් උනා,ඇයි මාව දාල ගියේ,ඔයා දන්නෙ නෑ මං නොකා නොබී අඩපු තරමක්...

"ඒක මගෙ දෛවය නාරී,මට කියන්න ඔයා කොහොමද මාව හොයාගත්තේ....

"ඒක දිග කතාවක්....ඊට කලින් මට කියන්න අර ඉන්න හුරතල් කෙනා ඔයාගෙ දරුවද ඔන්නි...

ඔම්මයි ගෑනු කෙනාගෙයි ඇස් එයාගෙ පැත්තට හැරුන නිසා ජිමින් හිටියෙ ටිකක් අපහසුවෙන් ,

"ජිමිනා මෙහෙ එන්න...මේ ඉන්නෙ මගෙ හුරතල් නංගී ,නාරී....නාරී මේ ඉන්නෙ මගෙ දෙවෙනි පුතා..එතකොට මගෙ පලවෙනියා මේ වෙලාවේ එයාගෙ වයිෆ් එක්ක පොඩි ගමනක් ගිහින්..ඉක්මනට ආවොත් මං අදුන්වලා දෙන්නම්කෝ...

Bite me |taekook Nơi câu chuyện tồn tại. Hãy khám phá bây giờ