6 කොටස~

1.1K 200 14
                                    


"ඇයි හැමවෙලේම ඔයාම අයියේ?"

"මොකක්ද?!"

"ළගකදි ඉදන් ඇයි ඔයාවම ඇයි? හැමතැනම ඇයි ඔයා ඉන්නේ? මන් හරිම බයෙන් ඉන්නේ ඔයා කොයි වෙලේ තාත්තට එදා උන දේ ගැන කියයිද කියලා....ඔයාට මොනාද ඕනේ?"

"මොනාද මේ කියවන්නේ?"

"......................"

"පස්සවල් දිහා බලපු එකද ළමයෝ?"

අයියා හරි අමුතු විදිහේ හිනාවක් එක්ක කියද්දි මන් කදුලු පිරිච්ච ඇස් වලින් බලලා ඔලුව වැනුවා.. මෙන්න මේකා තොල විකාගෙන හිනා වෙන්න පටන් ගත්තා..

"සි-රාවට  ඒක හහ්...අම්බෝ ළමයෝ..මන් කේලම් කියන්නැහැ ඒක එතනින් ඉවරයිනේ"

"හිනා වෙන්න එපා හරිද.... මගෙන් ඈත් වෙලා ඉන්නකෝ ඔයා.."

"ම්ම් අද ක්ලාස් යන්න එපා අමාරුයි වගේ නම්..නාන්නත් එපා"

"......................"

"මට සමාවෙන්න.. මට එදා ඔයාව බය නොකර ඉන්න තිබ්බ"

"ඔයාගෙ නම මොකක්ද?"

"ආ?"

"නම නම?"

~දේශ් යුගාන් 

"මන් යනවා ඔයාගේ යාලුවා එනකල් ඔහොම ඉන්න..එලියට යන්න එපා"

"හ්ම්ම්"

දේශ්.... ඒ නම ලස්සනයි..කිරිසමන්ට වඩා..
එයා කියන්නේ නෑලු තාත්තට..මන් බොරුවට හැබැයි බය වෙලා තියෙන්නේ..දේස් අයියා ගියාම රූම් එකම හෙනම පාලුවට ගියා..එයා හයියෙන් හුස්ම ගන්න සද්දෙත් නැතුව ගියා..මන් බිත්ත්‍යට හේත්තු වෙලා දනහිස් දෙක ලං කරන් ඔලුව තියාගත්තා..මගේම හිත මාත් එක්ක වාද කරනවා ඒ පාර දේස් අයියට නපුරු උන එක ගැන.. රදීන්ට බැන්න උනත් මට මේ වගේ වැරදිකාර ෆීල් එකක් දැනිලා නෑ. මන් කෑගැහුවෙත් වැඩක් නැති දේකටනේ..එයා තාත්තට ඕක කිව්ව නම් එකක්..අපේ තාත්තා ඕක අල්ලන් මාව දවසක් දෙකක් විහිලු කරලා නවත්තන එකනේ..

ඒත් ඒ අයියා මොකක්ද මේ ඉස්කෝලේ කරන්නෙ?.. මේකද එයාගේ ඉස්කෝලේ..වෙන්නත් පුලුවන් අනික හොස්ටල් එකකුත් තියෙනවනේ..


මේ මනුස්සයා මට මොකක්ද කලේ?


******************************

STAY WITH ME ✔️Where stories live. Discover now